පැය දස දහසක්! ඕනෑම දෙයක නිපුණත්වයට පැමිණිමට පැය දස දහසක් ගත වන බව කර්තෘ මැල්කම් ග්ලැඞ්වෙල් පවසයි. ශ්‍රේෂ්ඨතම කලාකරුවන්, සංගිතඥයින් අවසානයේ ලබාගත් නිපුණත්වය ලැබීමට ඔවුන් තුළ පිහිටි සහජ හැකියාව ප්‍රමාණවත් නොවීය. දිනක් දිනක් පාසා තම කාර්්‍යයේ යෙදීමට ඔවුන්ට සිදුවිය.

පුදුමයක් ලෙසට පෙනෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය තුළ ජීවත්වීමට ඉගෙන ගැනීමටද අපට එවැනි මානසිකත්වයක් අවශ්‍ය වේ. ගලාති පොතෙහි දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන් වන්න කියා පාවුල් සභාව දිරිමත් කරයි. නමුත් පාවුල් කියන්නේ නීති මාලාවක් පිළිපැද මෙය කළ නොහැකි බවයි. ඒ වෙනුවට අපව කැඳවා ඇත්තේ ශුද්ධාත්මයාණන් තුළ ගමන් කිරීමටයි. ගලාති 5:16 හි “ගමන් කරන්න” යන්නට පාවුල් යොදා ගන්නා ග්‍රීක වචනයෙහි අර්ථය වන්නේ යමක් වටේ බොහෝ වරක් යෑමය (චැරසච්එැද). එසේ හෙයින් පාවුල්ට නම් ආත්මයාණන් සමග ගමන් කිරීම යනුවෙන් අදහස් වන්නේ දිනපතා ආත්මයාණන් සමග ගමන් කිරීමය. එනම් උන්වහන්සේගේ බලය එක් වරක් පමණක් අත්දැකීම නොවේ.

ආත්මයාණන්ගෙන් දිනපතා පිරෙන මෙන් අපි යාච්ඤා කරමු. උන්වහන්සේ අපට අනුශාසනා කරන විට අපට මග පෙන්වා සහනය දෙන විට අපි උන්වහන්සේට භාර වෙමු. එලෙස අපි ආත්මයාණන්ගේ මග පෙන්වීම ලබමු (18 පදය). එසේම අපි උන්වහන්සේගේ වචනය ඇසීමටද මගපෙන්වීම අනුගමණය කිරීමටද වඩ වඩා නිපුණ වෙමු. ශුද්ධාත්මයාණෙන් අදද සෑම දිනකමද මම ඔබවහන්සේ සමග ගමන් කෙරේවා!