“ගල් හොද්ද” නමැති පැරණි කථාව විවිධ ලෙස බොහෝ රටවල කියැවේ. එහි දැක්වෙන්නේ සාගින්නේ පෙළුණු එක් මනුෂ්‍යයෙක් ගමකට පැමිණියත් එහි සිටි කිසි කෙනෙකුට ඔහුට ආහාර ස්වල්පයක් වත් දීමට නොහැකි වු බවයි. මෙම මනුෂ්‍යයා හැලියකට ගලක් සහ වතුර දමා ලිපක් අවුලුවා එම හැළිය ලිප මත තබයි. ඔහු තම හොද්ද හැඳි ගානවා දකින සෙනග එහි රැස්වෙති. අවසානයේ අයෙකු අල ගෙඩි කිහිපයක් ගෙන එම මිශ්‍රණයට දමයි. තව කෙනෙක් කැරට්ද තව කෙනෙක් ලුණු ගෙඩියක්ද තව අයෙක් බාර්ලි මිටක්ද දමයි. ගොවියෙක් කිරි ස්වල්පයක් ලබා දෙයි. කෙමෙන් ගල් හොද්ද රසවත් භෝජනයක් බවට පත් වේ.

එම කථාන්දරය බෙදා ගැනීමේ ඇති වටිනාකම පෙන්වන අතරම අපට වැදගත් යයි නොපෙනුනත් ඇති දෙය රැගෙන එන්න අපට සිහිපත් කරයි. යොහන් 6:1-14 හි අපි කියවන්නේ විශාල සමූහයක් තුළ ආහාර ටිකක් ගෙන ඒමට කල්පනා කළ එකම දරුවෙක් ගැනයි. ඔහුගේ ආහාරය වූ රොටී පහ සහ මසුන් දෙන්නා සුළු දෙයක් ලෙසට ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට පෙණුනි. නමුත් එය භාර දුන් විට යේසුස්වහන්සේ එය වැඩි කර සාගින්නේ සිටි දහසකට කන්න දුන් සේක.

“ඔබ පන්දහසකට කන්න දෙන්න ඕනෑ නැහැ. ඔබට තියෙන්නේ ඔබට ඇති රොටී සහ මසුන් ගෙන ඒම පමණයි” කියා යමෙකු කියනවා මට ඇසී තිබේ. යේසුස්වහන්සේ එක් අයෙකුගේ ආහාර වේලක් ගෙන යමෙක් බලාපොරොත්තු වූ හෝ සිතූ දේට හෝ වඩා වැඩි කළ ලෙස (11 පදය) අප භාර දෙන උත්සාහයන්, තලෙන්ත සහ සේවය උන්වහන්සේ පිළිගන්නා සේක. උන්වහන්සේට අවශ්‍ය අප ගෙන එන දෙය කැමැත්තෙන් උන්වහන්සේ වෙත ගෙන ඒමය.