වොරන් ෆයිඞ්ලීට අනුව කුණාටු හඹා යෑම වර්ඝ සැතපුම් දහස් ගණනක ක්‍රීයා කරන 3ඩී චෙස් ක්‍රීඩාවක් මෙනි. ඡායාරූප මාධ්‍යවේදී සහ කුණාටු හඹායන්නෙකු වන වොරන් පවසන්නේ “හරි ස්ථානයේ හරි වෙලාවට සිටීම, අනාවැකි කීම, මාර්ගය සෙවීම, සහ බෝලයක් තරමේ ගල්, වැලි කුණාටු සහ පාවෙන පොඩි උපකරණ වලින් බේරීම” ඊට අයත්වන බවය.

ෆයිඞ්ලිගේ වචන මාගේ ශරීරය දහඩියෙන් තෙත් කරයි. හදවත තදින් ස්පන්දනය කරයි. කුණාටු හඹා යන්නන් පෙන්නුම් කරන අප්‍රතිහත ධෛර්යය සහ විද්‍යාත්මක පිපාසය මා අගය කරන අතර මරණීය කාල්ගුණික තත්ත්වයන් මැදට පැනීමේ අවස්ථාව ගැන මම තැති ගනිමි.

කෙසේ වෙතත් මාගේ ජීවිතයේ කුණාටු හඹා යාමක් සිදුනොවන අතර කුණාටු මා හඹා එන බව නම් පෙනේ. ගීතාවලිය 107 හි මෙම අත්දැකීම පරාවර්තනය වේ. එහි විස්තර වන්නේ කුණාටුවකට මැදිව සිටින නාවිකයන් ගැනය. ඔවුන්ගේ වැරදි තීරණවල ප්‍රතිඵල ලෙස කුණාටු එන නමුත් ගීතාවලිය රචකයා කියන්නේ “ඔව්හු තමාගේ විපතේදී ස්වාමින්ට මොර ගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චලවන ලෙස කුණාටුව සංසිඳවනසේක. එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂ වෙති” (ගීතාවලිය 107:28-30) යනුවෙනි.

ජීවිතයේ කුණාටු අපගේ වරදින් වුවද කැඩුණු බිඳුණු ලොවක ප්‍රතිඵලයක් වුවද අපගේ පියාණෝ ශ්‍රේෂ්ඨය. අපව කුණාටුවලින් එළවනු ලබන කල ඒවා හෝ අප තුළ ඇති කුණාටු හෝ සංසිඳවිය හැක්කේ උන්වහන්සේට පමණී.