“මේ පෙම්බර දරුවා” යන කවියක “ඔමාවුමි එෆුයුඒ” ඔහුගේ දෙමව්පියන් ගැන ලියයි. ඔහු ඉපදීමට සිටින විට ඔහුව ගබ්සා කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ. එහෙත් නොයෙකුත් හේතූන් නිසා එසේ කිරීමට ගත් උත්සාහයන් වැළකී ගිය පසු ඔව්හු දරුවා පිළිගැනීමට සුදානම් වූහ. දෙවියන්වහන්සේ ආරක්‍ෂා කළ බව දැනගත් පසු ඔමාවුමී උසස් රැකියාවක් අත්හැර පූර්ණ කාලීන සේවයට පැමිණියේය. අද ඔහු ලංඩනයේ සභාවක් විශ්වාසවන්තව පාලනය කරයි.

එම සභා පාලක තුමා මෙන් ඉශ්‍රායෙල්වරුන්ද තමන්ගේ අවදානම් කාලයකදී දෙවියන්වහන්සේගේ මැදිහත් වීම දුටුවෝය. පාළුකරය මැදින් ගමන් කරන විට මෝවබ්හී රජුවූ බාලාක් ඉදිරියට ඔව්හු ආහ. ඔවුන්ගේ ජයග්‍රහණය සහ විශාල සෙනග දැක සංචාරකයන්ට ශාප කිරීමට බාලාක් විසින් බාලාම් නැමැති ශාස්ත්‍රකාරයෙකු ගෙන්වා ගත්තේය (ගණණ් කථව 22:26).

නමුත් විශ්මිත දෙයක් සිදුවිය. බාලාම් ශාප කිරීමට මුඛය හරින සෑම විටම ආශිර්වාදයක් පැමිණියේය. “බලව, ආශිර්වාද කරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශිර්වාද කළ සේක. මට එය වෙනස් කරන්ට නොහැක්කේය… යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දුෂ්‍යකමවත් නුදුටු සේක. ඔහුගේ දෙවිවූ ස්වාමින්වහන්සේ ඔහු සමග සිටින සේක…. දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එන සේක” (ගණන් කථාව 23:20-22). තමන්ට එරෙහිව සටනක් ඇති වන බව නොදත් ඉශ්‍රායෙල්වරුන්ව දෙවියන්වහන්සේ ආරක්‍ෂා කර ගත් සේක.

අප දුටුවත් නැතත් අදද දෙවියන්වහන්සේ තම සෙනග දෙස බලා සිටින සේක. අපට ආශිර්වාදමත් සෙනගක් යැයි කියන දෙවියන්වහන්සේව විශ්මයෙන් සහ කෘතඥතාවෙන් අපි නමස්කාර කරමු.