“වෛරය එය උසුලාගන්නා භාජනය දිරාපත් කරවයි”. ඒ වචන සෙනෙට් සභික ඇලන් සිම්ප්සන් කීවේ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ අවමංගල්‍ය උත්සවයේදීය. තම සමීප මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් එක්වෙනි ජනාධිපතිවරයාගේ කරුණාවන්තකම සිහිකරමින් ඔහු කීවේ ජනාධිපතිවරයා තම වෘත්තීමය සහ පුද්ගලික සම්බන්ධතාවලදී වෛරය වෙනුවට හාස්‍ය සහ ප්‍රේමය වැළඳගැනීමට උත්සාහ කළ ආකාරයයි.

මා අදාළ කර ගන්නේ සෙනෙට් සභිකයාගේ උපුටා ගැනීමක් වූ අහෝ මම වෛරය තබා ගෙන සිටිද්දී එය මට කරන හානිය! යන්නයි.

අපි රිණාත්මක දේවල් අල්ලා ගෙන සිටීමෙන් හෝ කෝපය ක්‍ෂනිකව පිට කිරීමෙන් හෝ අපගේ ශරීරවලට වන හානිය වෛද්‍ය පර්යේෂණ එළිදරව් කරයි. අපගේ රුධිර පීඩනය වැඩිවේ. අපගේ හදවත් ස්පන්දනය වැඩිවේ. අපගේ ආත්ම කඩා හැළේ. අපගේ ශරීරය (භාජනය) දිරාපත් වෙයි.

හිතෝපදේශ 10:12 හි සාලමොන් රජු නිරීක්‍ෂණය කරන්නේ “වෛරය දබර උපදවයි. එහෙත් ප්‍රේමය සියලු වරද වසයි” යනුවෙනි. මෙහි සඳහන් ගැටුම ගෝත්‍ර අතර වන විරුද්ධවාදීකමය. එවැනි වෛරයන් පළිගැනීම ඉස්මතු කරයි. ඒ නිසා එකිනෙකාට වෛර කරන සෙනගට එකට එකතු වීමට බැරිය.

සංසන්දනාත්මකව දෙවියන්වහන්සේගේ ප්‍රේමය, සියලු වැරදි මත වැසමක් හෙළීමෙන්ද සැඟවීම හෝ සමාව දීමෙන්ද සියල්ල වසන්නේය. ඉන් අර්ථවත් වන්නේ වැරදි කිරීමට ඉඩ හැර බලා සිටීම හෝ වැරදි කරන්නෙකුට උපකාර කිරීම හෝ නොවේ. එහෙත් යමෙක් සත්‍ය ලෙස පසුතැවිලි වන විට අපි වරද සිතෙහි තබා නොගනිමු. ඔවුන් කිසි දිනෙක සමාව නොඉල්ලුවද අපි අපගේ හැඟීම් දෙවියන්වහන්සේට නිදහස් කරමු. ශ්‍රේෂ්ඨ ප්‍රේමවන්තයාණන්ව දන්නා අපි “ප්‍රේමය පව් රාශියක් මකන බැවින් සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව” (1 පේත්‍රෘස් 4:8) සිටිමු.