ඛේදවාචකයන් හෝ සිත් රිදීම් හෝ ඇතිවූ වේලාවලදී අනුග්‍රහය පෙන්වීමට හෝ පළිගැනීමට හෝ අපට අවස්ථාව ලැබේ. මෑතකදී දුකට පත්වූ සභාපාලකවරයෙකු කීවේ “මම අනුග්‍රහය පෙන්වීමට තීරණය කළා” කියාය. සභාපාලක එරික් ෆිට්ස්ජෙරල්ඞ්ගේ භාර්්‍යයාව රිය අනතුරකින් මිය ගියාය. එය සිදුවූයේ වෙහෙස වී නිවසට යමින් සිටි ගිනි නිවන භටයෙකුට නින්ද යෑම නිසාය. නීති බලධාරීන් ඔහුගෙන් ඇසුවේ උපරිම දඬුවම දෙන්නටද කියාය. සභා පාලක තුමා ඔහු බොහෝ විට දේශනා කළ සමාව දීම ප්‍රදර්ශනය කිරීමට තීරණය කළේය. දෙදෙනාගේම මවිතයට ගිනි නිවන භටයා සහ සභා පාලක හොඳ මිතුරන් බවට පත්වූහ.

සභාපාලක එරික් ඔහු දෙවියන්වහන්සේගෙන් ලැබූ අනුග්‍රහය එනම් ඔහුගේ සියලු පාප වලට ලැබුණු සමාව ප්‍රදර්ශනය කළේය. ඔහුගේ ක්‍රියා තුළින් ඔහු අනාගතවක්තෘ මීකාගේ වචන ක්‍රියාවට දැමීය. උන්වහන්සේ අපගේ පාපයටද සමාව දී වැරදි මකා දමන නිසා ඔහු දෙවියන්වහන්සේව පැසසීය (7:18).

අනාගත වක්තෘ ද්‍රෘශ්‍ය භාෂාව යොදා ගනිමින් තම සෙනගට සමාව දීම පිණිස දෙවියන්වහන්සේ යන දුර පෙන්නුම් කළේය. උන්වහන්සේ “අපේ පාප පාගා … සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළන සේක” 19 පදය). එම දිනයේ ගිනි නිවන භටයාට නිදහසේ ත්‍යාගය ලැබුණ හෙයින් ඔහු දෙවියන්වහන්සේට සමීප විය.

අපට මොන අසීරුතා පැමිණියද දෙවියන්වහන්සේ අප වෙත ප්‍රේමයෙන් විවෘත දෑතින් උන්වහන්සේගේ තුරුළට කැඳවා ගන්නා සේක. උන්වහන්සේ දයාව පෙන්වීමට ආශා වන සේක (18 පදය). උන්වහන්සේගේ ප්‍රේමය සහ දයාව අප ලබා ගන්නා විට සභාපාලක එරික් කළාක් මෙන් අපට තුවාල කළ අයට සමාව දීමට උන්වහන්සේ ශක්තිය දෙන සේක.