යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට එන්නට ප්‍රථම මා ශුභාරංචිය අසා තිබුණ මුත් උන්වහන්සේගේ අනන්‍යතාවය මට ගැටළුවක් විය. බයිබලයේ සඳහන්වන්නේ පාප වලට සමාව දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බවය. මගේ පාපවලට යේසුස්වහන්සේට සමාව දිය හැක්කේ කෙසේද? ජේ.අයි. පැකර්ගේ “දෙවියන්වහන්සේ දැන ගැනීම” නැමැති පොත කියවූ පසු එලෙස අරගල කරන්නේ මා පමණක් නොවන බව මට වැටහුණි. පැකර්ට අනුව නොඇදහිලිවතුන්ට බාධාවන කිතුණු ප්‍රකාශය නම් නාසෙරෙත්හි යේසුස්වහන්සේ දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ මනුෂ්‍යයෙක් වූ බවත් මනුෂ්‍යයෙක් වූ ලෙසම සත්‍ය වූ සහ සම්පූර්ණ දෙවියන්වහන්සේ බවත්ය. එසේ වුවත් ගැළවීමට හැකියාව දෙන්නේ මෙම සත්‍යය පමණී.

පාවුල් තුමා ක්‍රිස්තුස්වහන්සේ “අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයයි” කියන විට උන්වහන්සේ සම්පූර්ණ පරිපූර්ණ දෙවියන්වහන්සේ බව ඉන් අර්ථවත් වේ. එනම් : ස්වර්ගයේ සහ පොළොවේ සියලු දේවල මැවුම්කරුවාණෝ සහ නඩත්තුකරුවාණන්ය. නමුත් සම්පූර්ණ මනුෂ්‍යයාය (කොලොස්සි 1:15-17). මේ සත්‍යය නිසා අපට අවබෝධකර ගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම තුළින් උන්වහන්සේ අපගේ පාපවල ප්‍රතිඵල දරා ගත්තා පමණක් නොව අපගේ සියලු මනුෂ්‍යය ස්වභාවය මුදවා ගත් බවය. ඒ හෙයින් අපටත් සියලු මැවිල්ලටත් දෙවියන්වහන්සේ සමග සමගි විය හැකි බවත්ය (20-22 පද).

විශ්මිත ප්‍රේමයේ ආරම්භක ක්‍රියාවකින් පියවූ දෙවියන්වහන්සේ තමන්වහන්සේව ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ බලයෙන් සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජීවිතය තුළින් දේව වචනය පුරාවට අපට එළිදරව් වන සේක. යේසුස්වහන්සේ විශ්වාස කරන්නෝ ගැලවීම ලබති. ඒ උන්වහන්සේ එම්මානුවෙල් නිසාය. එම්මානුවෙල් යනු දෙවියන්වහන්සේ අප සමගය. හාලේලුයා!