ප්‍රසිද්ධ අදේව දෘශ්ටිකයෙකු විශ්වාස කරන්නේ දෙමව්පියන් තම දරුවන්ට ධර්මය ඉගැන්වීම සදාචාරික නොවේය කියාය. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ තම දරුවන්ට තමන්ගේ ධර්මය උගන්වන්නෝ දරුවන් අපයෝජනය කරන බවය. මෙම මත ආන්තික වුවද තම දරුවන් ඇදහිල්ලට යොමු කිරීමට පැකිලෙන දෙමව්පියන් ගැන මම දනිමි. අපගේ දරුවන්ට කැමැත්තෙන්ම අපි අපගේ දේශපාලනය, පෝෂණය පිළිබඳ හෝ ක්‍රීඩා පිළිබඳ මතයන් උගන්වමු. නමුත් යම් හේතුවක් නිසා අපි දෙවියන්වහන්සේ පිළිබඳ අපගේ මත ගැන ඊට වෙනස් අදහසක් දරන්නෙමු.

සංසන්දනාත්මකව තිමෝති “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන ගැලවීම පිණිස (ඔහුව) ණැනවත් කරන්ට පුළුවන්වූ ශුද්ධ ලියවිලි (ඔහු) බාල වයසේ පටන් දැන ගෙන” (2 තිමෝති 3:15) සිටි බව පාවුල් කියයි. ඔහුගේ බලයෙන් හෝ අනෙකෙකුගේ උපකාරයෙන් තොරව තිමෝති ඇදහිල්ලට පැමිණියේ නැත. ඔහුගේ මව ඔහුගේ සිත දෙවියන්වහන්සේ වෙත යොමු කළාය. ඉන්පසු ඔහු ඉගෙන ගත් දෙය තුළ ඔහු පැවතුණි (14 පදය). දෙවියන්වහන්සේ ජීවනය නම් සහ සත්‍ය ප්‍රඥාවේ මූලාශ්‍රය නම් අපගේ පවුල් තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයක් මෘදු ලෙසින් ඇති කිරීම අනිවාර්ය වේ.

අපගේ දරුවන්ට ආභාෂය දෙන බොහෝ ඇදහිලි ක්‍රම තිබේ. රූපවාහිනිය, සිනමාව, සංගීතයන්, ගරුවරු, මිතුරන් සහ මාධ්‍යයයි. මේවා යම් පූර්ව නිගමණ ඉදිරිපත් කරයි. (සමහරක් විවෘතය. සමහරක් ව්‍යාංගාර්ථයෙන් විය හැකිය). එම නිගමණ ඇදහිල්ලට බලපෑම් කරයි. අපි නිෂ්ශබ්ද නොවීමට තීරණය කරමු. අප අත්දැක ඇති අංලාකරය සහ අනුග්‍රහය අපගේ දරුවන්ව දෙවියන්වහන්සේ වෙත යොමු කිරීමට අපව පොළඹවයි.