වසර ගණනාවක් තුළ මා බොහෝ පැරණි මැටි භාජන එකතු කර ගෙන ඇත්තෙමි. මා ඉතා ආශා කරන එකක් නම් ආබ්‍රහම්ගේ කාලයේදී යැයි සැළකෙන ස්ථානයකින් හාරාගත් එකකි. මට වඩා වයසින් වැඩි එක් භාජනයක් එය වේ. එය අලංකාර දෙයක් නොවේ. කිලිටිවී, ඉරිතැලී, කඩතොළු වී ඇතුවාක් මෙන්න එය හොඳින් අතුල්ලා පවිත්‍ර විය යුතුය. එය මට මතක් කරන්නේ මා මැටිවලින් සාදන ලද මිනිසෙකු බවය. මාද බිඳෙන සුළු දුර්වල කෙනෙක් වුවද මා මැණිය නොහැකි වටිනා වස්තුවක් දරන්නෙමි. ඒ යේසුස්වහන්සේය. “මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව” (2 කොරින්ති 4:7).

පාවුල් තවදුරටත් පවසන්නේ “අපි සෑම අතින්ම මඩිනු ලබමුව. නමුත් හිර නොවී සිටිමුව. වියවුල්ව සිටිමුව. එහෙත් බලාපොරොත්තුවක් නැතිව නොවේය. ලුහු බඳිනු ලබමුව. එහෙත් අත් හරිනු නොලබමුව. හෙළා දමනු ලබමුව. එහෙත් විනාශ නොවී සිටිමුව” (8-9 පද) යනුවෙනි. “මඩිනු ලැබීම, වියවුල්කම, ලුහු බැඳීම, හෙළා දැමීම” මෙම පිීඩනයන් භාජනය දරාගත යුතුවේ. නමුත් “හිරවීම, බලාපොරොත්තු නැතිවීම, අත්හැරීම, විනාශ වීම” සිදු නොවිය යුතුය. ඒ අප තුළ සිටින යේසුස්වහන්සේගේ ආක්‍රමණික ශක්තිය වේ.

අපි නිතරම “යේසුස්වහන්සේ මරනු ලැබීම” අපගේ ශරීර වල දරා සිටිමුව (10 පදය). සැම දිනකම තමන්ටම මිය ගිය යේසුස්වහන්සේගේ ආකල්පය එයයි. අප තුළ තිබිය යුත්තේද එම ආකල්පයමයි. එනම් අපගේ උත්සාහයන්ට මිය යැමට ඇති කැමැත්තයි. අප තුළ සිටින තැනන්වහන්සේගේ හැකියාව කෙරෙහි සම්පූර්ණයෙන් යැපීමය.

එවිට යේසුස්වහන්සේගේ ජීවිතය අපගේ මරණීය ශරීරවල එළිදරව් වනු ඇත (10 පදය). ප්‍රතිඵලය එයයි. එනම් පැරණි මැටි භාජනයක් තුළ යේසුස්වහන්සේගේ අලංකාරය දෘශ්‍යමාන වීමය.