වර්ෂය 1918 ය. පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වෙමින් තිබුණි. ඡායාරූප ශිල්පී එරික් එක්ස්ට්‍රොම් ඔහුගේ වැඩ වල එකතුවක් සාදමින් සිටියේය. බොහෝ සෙනගට හිස් බවක් දැණුන එම කාලයේ පූර්ණත්වය පෙන්නුම් කරන ඡායාරූපයක් ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය විය. දැන් ඔහු බොහෝ ආශා කරන එම ඡායාරූපයේ රැවුළ වැවුණු වයසක මිනිසෙකු මේසයක වාඩිවී ඔහුගේ හිස නවාගෙන යාච්ඤාවෙන් අත් එකතු කර ගෙන සිටී. මේසය මත ඇත්තේ පොතක්, කණ්නාඩි කුට්ටමක්, කැඳ කෝප්පයක්, පාන් ගෙඩියක් සහ පිඟානක් පමණී. කිසිවක් වැඩිව හෝ අඩුව නැත.

සමහරු ඡායාරූපය හිඟකම පෙන්වනවා යැයි කිව හැකිය. නමුත් එන්ස්ට්‍රොම්ට අවශ්‍ය වූයේ එහි අනිත් පැත්ත පෙන්වීමටය. මෙන්න පූර්ණ ජීවිතයක්! කෘතඥතාවයෙන් ජීවත් වීමක්! අපගේ අවස්ථාව කුමක් වූවත් අප අත්දකින ජීවිතය! යේසුස්වහන්සේ යොහන් 10 හි ශුභ ආරංචිය ප්‍රකාශ කරන සේක. “ජීවනය…… අධික ලෙස” (10 පදය). අප පූර්ණත්වය බොහෝ දේවල් සමග පටලා ගන්නා විට ශුභ ආරංචියට අවැඩක් කරන්නෙමු. යේසුස්වහන්සේ පවසන පූර්ණත්වය ලෝකයේ මිම්මෙන් මැණිය නොහැකිය. ධනවත්කම හෝ වතුපිටි වලින් මැණිය නොහැකිය. එය හදවත මනස සහ ආත්මයයි. එසේම යහපත් එඬේරා තම යැටළුවන් වෙනුවෙන් දුන්නාවූ ජීවිතයයි. ඒහෙයින් එය කෘතඥතාවයෙන් උතුරා යයි (11 පදය). උන්වහන්සේ අප ගැනද අපගේ දෛනික අවශ්‍යතා ගැනද සළකන සේක. මෙය පූර්ණ ජීවිතයයි. දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවය භුක්ති විඳීමය. එය අප සැමට ලැබිය හැකිය.