මා දරුවෙකුව සිටින කාලයේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ අවශ්‍යතාවය දකින සේක” යන ඩොටී රැම්බෝ විසින් ලියා ඇති ගීතය මා සිතුවේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ දණහිස් දකින සේක” කියාය. මම එය දරුවෙක් සිතන ආකාරයට කල්පනා කළෙමි. උන්වහන්සේ මාගේ දණහිස් දෙස බලන්නෙන් ඇයි? ඒ ඒවා දුර්වල නිසාද? දුර්වල දණහිස් යනු “බිය” බව මම දැන සිටියෙමි. පසුව ඩොටී එම ගීතය ලිවු හේතුව මම දැන ගතිමි. ඇයගේ සහෝදරයා වන එඩී තමා කළ වැරදි නිසා කවුරුත් තමාට ආදරය නොකරන්නේ යයි සිතා සිටියේය. ඩොටී එම ගීතය ලියා තිබුණේ ඔහුව ශක්තිමත් කිරීමටය. ඩොටී ඔහුව දිරිමත් කළේ දෙවියන්වහන්සේ ඔහුගේ වරද දකිතත් ඔහුට ආදරය කරන බව පැවසීමටය.

ඉශ්‍රායෙල් සහ යුදාහි සෙනගගේ බොහෝ “දණහිස් දුර්වල” අවස්ථා වලදී අපි දෙවියන්වහන්සේගේ කොන්දේසි විරහිත ප්‍රේමය දකිමු. මංමුළාවී ඉන්නා උන්වහන්සේගේ සෙනගට යෙසායා වැනි අනාගත වක්තෘන් මගින් උන්වහන්සේ පණිවුඩ එවු සේක. යෙසායා 35 හි දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනය ගැන බලාපොරොත්තුව අනාගතවක්තෘ බෙදා දුන්නේය. බලාපොරොත්තුව වැළඳ ගැනීමෙන් ලැබෙන දිරිමත් කිරීම නම් “බෙලහීන අත් බලවත් කර වෙවුලන දණහිස් ශක්තිමත්” (3 පදය) කිරීමය. ඔවුන් ලද දිරිමත් කිරීමෙන් අන් අයව දිරිමත් කරන්නට දෙවිටයන්වහන්සේගේ සෙනගට පුළුවන්කම ලැබුණි. ඒහෙයින් 4 වන පදයේ යෙසායා උපදෙස් දෙන්නේ “භය සිත් ඇත්තන්ට කථා කොට : භය නොව් ශක්තිමත් වන්න” කියන්න කියාය.

ඔබගේ දණහිස් බෙලහීන යැයි සිතෙනවාද? ඔබගේ ස්වර්ගීය පියාණන්ට කථා කරන්න. උන්වහන්සේගේ අභිමුඛයේ බලයෙන් සහ දේව වචනයෙන් දුර්වල දණහිස් උන්වහන්සේ ශක්තිමත් කරන සේක. එවිට අන් අයව දිරිමත් කිරීමට ඔබට පුළුවන් වේ.