ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි. දඟකාර චිත්‍ර ශිල්පී බෑන්ස්කි තවත් ප්‍රායෝගික විහිළුවක් මෑතකදී ක්‍රියාත්මක කළේය. ඔහුගේ චිත්‍රය වන “බැලුම සහ දැරිය” යන්න ලන්ඩනයේ සොතබි වෙන්දේසී ශාලාවේදී පවුම් මිලියනයකට විකිණුනි. වෙන්දේසිකරු “තුන් ඈවරයි” කියා කෑ ගැසුවේය. අනතුරු ඇඟවීමේ නළාවක් ශබ්ද විය. චිත්‍රය ලී ව්‍යුහය තුළ තිබු කැබළි කරන යන්ත්‍රය තුළට ලිස්සා වැටුණි. ඔහූගේ විනාශ වී යන කලා කෘතිය දෙස මුව අයා ගෙන බලා සිටින්නන්ගේ ඡායාරූපයක් ඔහු අර ගත්තේය. එහි මාතෘකාව වූයේ “ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි” යන්නයි.

බෑන්ස්කි ධනවතුන්ට විහිළුවක් කර තෘප්තිමත් විය. නමුත් එය අවශ්‍ය නැත. වස්තුව වටා ඕනෑතරම් විහිළු ගැබ්ව තිබේ. දෙවියන්වහන්සේ පවසන්නේ “පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න…… නැතිවී යන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේය” (හිතෝපදේශ 23:4-5) යනුවෙනි.

මුදල් වලට වඩා අනාරක්‍ෂිත දේවල් ඇත්තේ අල්පයකි. අප ඒවා සොයන්න බොහෝ වෙහෙසෙමු. නමුත් ඒවා නැතිකර ගැනිමට බොහෝ මාර්ග තිබේ. ආයෝජන පාඩුවේ. උද්ධමනය වැඩිවේ. බිල්පත් එති. සොරු සොරකම් කර ගනිති. ගින්න සහ ජල ගැලීම් විනාශ කරයි. අපට මුදල් තබා ගැනීමට හැකි වුවද ඒවා වියදම් කිරීමට ඇති කාලය ඉක්මණින් පියාඹා යයි. ඇසිපිය ගසන නිමේශයකින් ඔබගේ ජීවිතය ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි වනු ඇත.

කුමක් කරමුද? පද කිහිපයකට පසු දෙවියන්වහන්සේ අපට පවසන්නේ “හැම කල්හිම ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා! මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ. නුඹේ බලාපොරොත්තුවද සිඳ දමනු නොලැබේ” (17-18 පද) කියාය. යේසුස්වහන්සේ තුළ ඔබගේ ජීවිතය ආයෝජනය කරන්න. සදාකාලයට ඔබව ගෙන යන්නේ උන්වහන්සේ පමණය.