අද තාක්‍ෂණය අපගේ අවධානය නූතන “ආශ්චර්ය” වන අන්තර් ජාලය අපගේ ඇඟිලි තුඩු මනුෂ්‍ය අධ්‍යාපනයේ සමස්ථය වෙත ප්‍රවේශය විශ්මිත ලෙස ලබා දෙයි. නමුත් බොහෝ දෙනෙකුට එම අඛණ්ඩ ප්‍රවේශයට අධික මිළක් ගෙවීමට සිදුවේ.

කර්තෘ ලිංඩා ස්ටෝන් වැකිකඩක් සාදා තිබේ. එය “අර්ධ, අඛණ්ඩ, අවධානය” යනුයි. ඉන් විස්තර වන්නේ
“එහි වන්නේ කුමක්ද?” කියා යමක් මග නොහැරෙන පිණිස දැන ගැනීමේ නූතන පෙළඹවීමයි. ඉන් දැඩි කණස්සල්ල ඇති විය හැකි යැයි ඔබ සිතනවා නම් එය හරිය.

අපෝස්තළු පාවුල් කණස්සලුවීමේ විවිධ හේතු නිසා අරගල කළද අපගේ ආත්ම දෙවියන්වහන්සේ තුළ සමාදානය පිණිස සාදා ඇති බව ඔහු දැන සිටියේය. පීඩාව දරා ගෙන යන අදහිලිවතුන් (1 තෙසලෝනික 2:14) වෙත ලිපියක් ලියමින් පාවුල් ආයාචනය කළේ “නිතරම ප්‍රීතිවන්න. නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලේදී ස්තුති කරන්න” (5:16-18) යනුවෙනි.

සෑම විටම යාච්ඤා කිරීම නීරස විය හැකිය. නමුත් අප අපගේ දුරකථන කීවරක් බලනවාද? ඒ වෙනුවට දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමට පෙළඹීමක් ඇති කර ගන්නේ නම් කෙසේද?

ඊටත් වඩා වැදගත් වන්නේ සැමවිට අඛණ්ඩව දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වන්නේ කුමක්ද කියා යාච්ඤාවෙන් නිසලව බලා සිටීමය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් තුළ රැඳීමෙන් අප දිනපතා ජීවිතය තුළින් යන විට අපගේ ස්වර්ගීය පියාණන් හට පූර්ණ අවධානය දීමට අපි ඉගෙන ගනිමු.