එක් ජනවාරි උදෑසනක මම පිබිදුණේ සති ගණනාවක් දුටු ශීත සෘතුවේ මැද හරියේ දකින දර්ශනයක් බලාපොරොත්තුවෙනි. එනම් හිම තට්ටු මතින් පිටතට එන්න උත්සාහ කරන කහ පැහැති තණකොළ, අළු පැහැති අහස, සහ කොල නැති ශාඛ යනාදියයි. එසේ වුවත් එක් රාත්‍රියකින් අසාමාන්‍ය දෙයක් සිදුවී තිබේ. අජීවිව අධෛර්යව තිබූ මුළු පළාතම මනහර දර්ශනයක් මවමින් හිම කැට වලින් වැසී තිබුණු අතර ඒවා හිරු එළියෙන් බැබළෙමින් මගේ සිත මවිත කළේය.

සමහර විට අප පශ්න දෙස බලන්නේ එයට අවශ්‍ය ඇදහිල්ල නොමැතිවය. අපි වේදනාව, බිය සහ කලකිරීම සෑම උදයකම බලාපොරොත්තු වෙමු. අපි වෙනස් දෙයක් ඇති විය හැකිය යන සිතුවිල්ල නැති කර ගනිමු. අප ප්‍රතිෂ්ඨාපනය හෝ වර්ධනය හෝ දෙවියන්වහන්සේ තුළින් ලැබිය හැකි ජයග්‍රහණයන් හෝ බලොරොත්තු නොවෙමු. නමුත් අසීරුකාල වලදී අපට උපකාර කරන්නේ දෙවියන්වහන්සේ බව බයිබලය පවසයි. උන්වහන්සේ කැඩී බිඳී ගිය හදවත් අලුත් වැඩියා කරන සේක. වහල්කමේ සිටින සෙනග නිදහස් කරන සේක. දුකින් සිටින අයට උන්වහන්සේ “අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයත්” දෙන සේක (යෙසායා 61:3).

අපට කරදර ඇතිවන විට උන්වහන්සේ අපව සනසනවා පමණක් නොව කරදර කාලවලදී අපගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ වන සේක. අවසාන සහනය ලබා ගැනීමට අපට ස්වර්ගයට යාමට සිදුවූවත් අපව දිරිමත් කරමින් සහ බොහෝ විට උන්වහන්සේ ගැන ඡායාවක් අපට දෙමින් උන්වහන්සේ අප සමග සිටින සේක. අපගේ ජීවිත ගමනේදී ශු:අගෝස්තීනුගේ වචන අපි වටහා ගනිමු : “මාගේ ගැඹුරු තුවාලය තුළින් මම ඔබවහන්සේගේ මහිමය දුටුවෙමි. එය මා සසළ කළේය”.