වසර ගණනාවක නියඟයකින් පසු දකුණු කැලිෆෝර්නියාවේ පැවති ලැව් ගින්න සමහරු දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් යැයි සිතීමට පෙළඹුණේය. මෙම මතය ශක්තිමත් වූයේ එක් ගින්නකට ප්‍රවෘත්ති මාධ්‍යයෙන් ශුද්ධ ගින්න කියා නම් කළ පසුය. එම පළාත ගැන නොදන්නා අය ශුද්ධ යන වචනය ආවේ “හෝලි ජිම් කැනියන්” පළාත නිසා බව නොදනිති. නමුත් “හෝලි ජිම්” කවුද? ප්‍රාදේශීය ඉතිහාසයට අනුව ඔහු 19 වන සියවසේ සිටි මීමැසි පාලකයෙකි. ඔහුට ආගමක් නොතිබුණි. ඔහු අධික ලෙස කෝප ගන්නේය. ඒහෙයින් අසල්වාසීන් අපහාසාත්මක විකට නාමයක් ලෙසට ඔහුට එසේ කීවෝය.

ශුද්ධාත්මයෙන් සහ ගින්නෙන් බව්තිස්මය ගැන යොහන් බව්තිස්ත කිවු දෙයට විශේෂ කථාවක් සහ විස්තරයක් තිබුණි (ලුක් 3:16). පසුපස හැරී බලන විට මලාකි අනාගතවක්තෘ ප්‍රකාශ කළ පවිත්‍ර කරන ගින්න සමග එන මෙසියස් ගැන ඔහු සිතන්න ඇතැයි නිගමණය කළ හැකිය (මලාකි 3:1-3, 4:1). නමුත් සුළඟ හා ගිනි ලෙස යේසුස්වහන්සේගේ අනුගාමිකයන් මතට දිව්‍ය ආත්මයාණන් පැමිණි පසු මලාකි සහ යොහන් බව්තිස්තගේ වචන උද්දීපනය වන්ට පටන් ගැණුනි (ක්‍රියා 2:1-4).

යොහන් අනාවැකි ලෙස කිවූ ගින්න බලාපොරොත්තු නොවූ එකකි. දෙවියන්වහන්සේගේ සත්‍ය ක්‍රියාවක් ලෙස එය නිර්භීතකම සහිතව පැමිණියේය. ඉන් විශේෂ වර්ගයේ මෙසියන් කෙනෙකු සහ ශුද්ධ ගිනි දැල්ලක් ප්‍රකාශිත විය. යේසුස්වහන්සේගේ ආත්මයාණන් තුල අපගේ දුර්වල මනුෂ්‍ය උත්සාහයන් විවෘත කර විනාශ කර දැමේ. එසේ කළේ ප්‍රේමය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණදැන ක්‍රියා කිරීම යන ශුද්ධාත්ම දීමනාවන්ට ඉඩ සළස්වා දීමටය (ගලාති 5:22-23). උන්වහන්සේ අප තුළ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන දෙවියන්වහන්සේගේ ක්‍රියා ඒවාය.