මම එක් දිනක් ඩොමිනිකන් සමූහාණ්ඩුවේ ඇති දුගී පළාතකට ගියෙමි. ටකරන් වලින් නිවාස නිමවා තිබුණි. ඒවාට ඉහළින් විදුලි කම්බි එල්ලී ඇත. එහිදී පවුල් සමග සම්මුඛ පරීක්‍ෂණ පවත්වන්නත් විරැකියාව, මත්පැන් සහ අපරාධවලට විරුද්ධව සභාවන් ක්‍රියා කරන ආකාරය දැන ගැනීමටත් මට අවස්ථාව ලැබුණි.

එක් මුඩුක්කුවකදී එක් මවක් සහ පුතෙක් හමුවීමට සෙළවෙන ඉණිමගක් දිගේ දෙවන තට්ටුවට නැග්ගෙමි. නමුත් මොහොතකින් කෙනෙක් දුවගෙන පැමිණ කීවේ “අපි දැන් මෙහෙන් යා යුතුයි. මන්දයත් තුවක්කුවක් අතැතිව මැරයෙකු අපට පහර දීමට කණ්ඩායමක් එකතු කරමින් සිටී” යනුවෙනි.

අපි තවත් ස්ථානයකට ගියෙමු. එහිදී අපට කරදරයක් නොවීය. පසුව ඒ මන්දැයි මම දැන ගතිමි. මා ගෙයින් ගෙට යන විට මැරයෙකු අපව ආරක්‍ෂා කරමින් දොරකඩ සිටියේය. ඊට හේතුව ඔහුගේ දියණියගේ අධ්‍යාපනයට සහ පෝෂණයට සභාවක් උපකාර කර තිබු හෙයිනි. එසේම ඇදහිලිවතුන්ද ඇයට උපකාර කළහ. ඒ හෙයින් ඔහු අපට උපකාර කළේය.

කන්ද උඩ දේශනාවේදී සංසන්දනයට එහා යන ප්‍රේමයක් යේසුස්වහන්සේ පෙන්වා දුන් සේක. එම ප්‍රේමය සුදුසු අයව පමණක් නොවන නුසුදුසු අයවද ආවරණය කළේය (මතෙව් 5:43-45). පවුලට සහ මිතුරන්ට එහා ගොස් අපට නැවත ප්‍රේම කළ නොහැකි අයට ප්‍රේම කළේය (42-46 පද). මෙය දෙවියන්වහන්සේගේ ප්‍රමාණය වැනි ප්‍රේමයකි (48 පදය). සැමට ආශිර්වාද කරන වර්ගයේ ප්‍රේමයකි.

මෙම ප්‍රේමය තුළ අද ඩොමිනිකන් රටේ ඇදහිලිවතුන් ජීවත් වන නිසා පළාත් වෙනස් වෙමින් පවතී. දැඩි සිත් උණුසුම් වේ. දෙවියන්වහන්සේගේ ප්‍රමාණයේ ප්‍රේමය නගරයට පැමිණි විට සිදුවන්නේ එයයි.