ලෝකයේ වේගවත්ම අන්ධ දුවන්නා වන එක්සත් ජනපදයේ ආබාධිත කණ්ඩායමේ ඬේවිඞ් බ්‍රවුන් තම ජයග්‍රහණය දෙවියන්වහන්සේ නිසා බව පවසයි. ඔහුගේ මව දුන් මුල් උපදෙසක් නම් (ඔහේ ඉන්න එපා) යන්න ගැන ඔහුගේ මවටද ඔහුට උපකාර කරන අතිදක්‍ෂ ක්‍රීඩක ජෙරොම් එව්රිටද ඔහු උපහාර දක්වයි. දෙදෙනාගේ ඇඟිලිවල ගැට ගසා ගත් නූලක් සහිතව එව්රි, බ්‍රවුන්ගේ දිවීමට වචන සහ ස්පර්ශයන් උපකාර කර ගත්තේය.

බ්‍රවුන්ට අනුව සියල්ල පුහුණුකරුගේ සංඥාවලට ඇහුම්කන් දීමය. මීටර් 200 දුවන විට මංපෙත වංගුවක් වන විට ඔහුට මාර්ගය වැරදිය හැකිය. දිනපතා අපි මුකයෙන් පමණක් නොව භෞතිකවද ක්‍රීඩාවේ උපක්‍රම ඉගෙන ගන්නෙමු.

අපගේ ජීවිත ගමනේදී අපට දිව්‍යමය මග පෙන්වන්නෙකු සිටීම ආශිර්වාදයකි. අපි උන්වහන්සේව අනුගමණය කරන කල අපගේ උපකාරකරුවාණන් සහ ශුද්ධාත්මයාණන් අපට මග පෙන්වන සේක. “මා නුඹලාට මේ කාරණා ලියුවේ නුඹලා මුළා කරන්ට හදන අය ගැනය. නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය. යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත. එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයට උන්වහන්සේ තුළ පැවතෙන්න” (27 පදය).

යොහන් මෙම ප්‍රඥාව අවධාරණය කළේ ඔහුගේ කාලයේ අන්ත ක්‍රිස්තුන්ට මුහුණ දුන් ඇදහිලිවතුන්ටය. ඔවුන් පියාණන්වද යේසුස්වහන්සේ මෙසියස් බවද ප්‍රතික්‍ෂේප කළහ (22 පදය). අපට අදද එවැනි ප්‍රතික්‍ෂේපකරුවන් හමුවේ. නමුත් අපගේ උපදේශකයාණන් වන ශුද්ධාත්මයාණෝ යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අපට උපකාර කරන සේක. සත්‍යයෙන් අප ස්පර්ශ කර අපව හරි මාර්ගයේ තබන පිණිස උන්වහන්සේව විශ්වාස කිරීමට අපට හැකිය.