ඇයගේ පියා ඔහුගේ රෝගයට හේතුව කවුරු හෝ හූනියම් කිරීම නිසා ඇති වූවක් බව කීවේය. ඒ එඞ්ස් රෝගයයි. ඔහු මිය යන විට මර්සිට අවුරුදු දයහකි. ඇය තම මවට තවත් ඇලුම් විය. නමුත් මවද රෝගීිව සිටියාය. වසර තුනකින් මවද මිය ගියාය. එතැන් සිට මර්සිගේ සහෝදරිය විසින් සහෝදර සහෝදරියන් පහක් රැක බලා ගත්තාය. මර්සි තම ගැඹුරු වේදනාවන් ගැන සටහන් ලියා තැබීම ආරම්භ කළේ එතැන් සිටය.

අනාගතවක්තෘ යෙරෙමියාද ඔහුගේ වේදනාව ගැන සටහන් කළේය. විලාප ගී නැමැති දුකෙන් පිරි පොතෙහි බබිලෝනි මුදාව විසින් යුදාවරුන්ට කරන ලද කෲරකම් ඔහු විස්තර කළේය. කුඩා වින්දිතයන් ගැන යෙරෙමියාගේ හදවත පැලපුණි. “මාගේ අක්මාව බිම වැගීරී තිබේ” ඔහු මොර ගැසීය. “මක්නිසාද ලමයින් සහ කිරිදරුවෝ වීථිවලදී ක්ලාන්ත වෙති” (2:11 පදය). දෙවියන්වහන්සේව නොසළකා හැරීමේ ඉතිහාසයක් යුදා සෙනගට තිබුණි. ඔවුන්ගේ දරුවෝ ඊට වන්දි ගෙවූහ. “තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි” (12 පදය) යයි යෙරෙමියා ලීවේය.

එවැනි වේදනා මධ්‍යයෙහි යෙරෙමියා දෙවියන්වහන්සේ නැතැයි කියනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය. ඒ වෙනුවට ඔහු ගැලවුන අයට කීවේ “නුඹේ සිත ස්වාමින්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ වෙතට ඔසවන්න” (19 පදය) යනුවෙනි.

මර්සි සහ යෙරෙමියා කළ ලෙස ඔබගේ හදවත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරවීම හොඳය. විලාපය මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය අංගයකි. එවැනි වේදනාවකට දෙවියන්වහන්සේ ඉඩ හැරිය කල පවා උන්වහන්සේ අප සමග දුක් වන සේක. අපව උන්වහන්සේගේ ස්වරූපයට මවනු ලැබ ඇත්නම් උන්වහන්සේද දුක් විය යුතු වන්නේය.