“මේ ඔක්කොම කොහොම කරන්නද දන්නේ නැහැ” කියමින් මම මාගේ දෑත මාගේ හිසෙහි තබා ගතිමි. එවිට මාගේ මිතුරාගේ හඬ දුරකථනයෙන් ඇසුණි. “ඔබ, ඔබට අගයක් දිය යුතුය. ඔයා ගොඩක් වැඩ කරනවා” කියමින් ඔහු මා කරන දේවල් ලැයිස්තුවක් කියා ගෙන ගියේය. “හොඳ සෞඛ්‍ය තත්ත්වයක්, වැඩ, ඉගෙන ගැනීම, විශ්ව විද්‍යාලයේ කටයුතු, ලිවීම, බයිබල් අධ්‍යයනය”. මේ සියල්ලම දෙවියන්වහන්සේ වෙනුවෙන් කිරීමට මට අවශ්‍ය වුනි. නමුත් ඒ වෙනුවට මම වැඩි අවධානයක් යොමු කළේ මම කරන දේ ගැන මිස මම එය කරන ආකාරය ගැනය. නැතිනම් මා ඕනෑවට වඩා වැඩ කරන්නේද.

ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙස පිණිස ජීවත් විය යුතු බව පාවුල් කොලොස්සියේ සභාවට මතක් කළේය. ඔවුන් දිනපතා කරන දේවල්වලට වඩා වැදගත් වන්නේ ඒවා කරන ක්‍රමය වේ. ඔවුන් ඔවුන්ගේ වැඩය කළ යුතු වන්නේ “දයාබර සිතක්ද, ගුණවන්තකමද මෘදුකමද ඉවසිලිවන්ත කමද” (කොලොස්සි 3:12) ඇතුවය. එසේම සමාව දීමද සහ ඒ සැමට වඩා ප්‍රේමයද ඇතුව (13-14 පද) සෑම දෙයක්ම “ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කළ යුතු වේ” (17 පදය). ඔවුන්ගේ කාර්්‍යයන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත්වීමෙන් වෙන් නොවිය යුතුය.

අප කරන දේවල් වැදගත්ය. නමුත් අප ඒවා කරන ආකාරය සහ කරන්නේ ඇයි? කියා සහ අප ඒය කරන්නේ කා වෙනුවෙන්ද යන්න වඩාත් වැදගත් වේ. වෙහෙසකාරී ලෙසට හෝ දෙවියන්වහන්සේට ගරු කරන ආකාරයකට හෝ අපගේ වැඩ වලට යේසුස්වහන්සේ එකතු කරන අර්ථය ගැන හෝ සොයමින් සෑම දිනකම වැඩ කිරීමට අපට තෝරා ගත හැකි වන්නේය. අවසන් ක්‍රමය අප සොයන්නේ නම් අපට සෑහීමකට පත් විය හැකි වන්නේය.