තරුණ පියාගේ ඉවසීමේ සීමාව පනිමින් තිබුණි. “අයිස් ක්‍රීම්, අයිස් ක්‍රීම්” පොඩි දරුවා කෑ ගැසීය. සුපිරි වෙළඳ සැළ තුළ සිටි අයගේ අවධානය ඒ වෙතට යොමු විය. “හරී, අපි ඉස්සර වෙලා අම්මා ගැන බලන්න ඕනෑ” පියා කීවේය. “නැහැ…… අයිස් ක්‍රීම් ඕනෑ” කියා දරුවා කෑ ගැසීය. ඒ වෙලාවේදී කාන්තාවක් ඔවුන් අතරට පැමිණියාය. පෙනුමෙන් කුඩා හොඳින් ඇඳ පැළඳගත් අත්බෑගයට සරිලන සපත්තු දමා ගෙන සිටි ස්ත්‍රීයක් ඔවුන් වෙතට ආවාය. “ඔහු කලබල වෙලා” පියා කීවේය. ස්ත්‍රීය සිනහ සී ප්‍රතිචාර දැක්වූවාය.
“කලබලය ඔයාගේ දරුවාව අල්ලා ගෙන. මතක් කර ගන්න ඔහු හුඟක් පොඩියි. ඔහුට අවශ්‍ය ඔබගේ ඉවසිම සහ සමීපතාවයයි”. තත්වය ක්‍ෂණයකින් පහ නොවීය. නමුත් පියාටත් පුතාටත් අවශ්‍ය වූ නිසලතාවය එය විය.

ගීතාවලිය 103 හි එම ස්ත්‍රීයගේ වචන දෝංකාරය දෙන්නීය. දාවිත් අපගේ දෙවියන්වහන්සේ ගැන ලියන්නේ
“ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාවෙන් පිරී සිටින සේක. කෝපවීමට ප්‍රමාදය. අතීශයින් කරුණාවන්තය” (8 පදය) කියාය. ඔහු තවදුරටත් පෙන්වන්නේ තම දරුවන් ගැන අනුකම්පා කරන භෞමික පියෙක්ට වඩා වැඩියෙන් “උන්වහන්සේට භියවන අයට ස්වාමින්වහන්සේ කරුණාව දක්වන සේක“ (13 පදය) කියාය. “උන්වහන්සේ අපේ ස්වභාවය දන්නා සේක. අප ධූලි බව සිහිකරන සේක” (14 පදය). අප කුඩා බවත් දුර්වල බවත් උන්වහන්සේ දන්නා සේක.

අප බොහෝ විට පරාජය වෙමු. මේ විශාල ලෝකය අපට දයාද කරන දේවලින් අපි යටවෙමු. නමුත් අපගේ පියාණන් වහන්සේ ඉවසිලිවන්ත බවත් සෑම විටම පෙනී සිටින බවත් ප්‍රේමයෙන් උතුරා යන බවත් දැන ගැනීම කෙතරම් විශ්මිත ස්ථිර කමක්ද?