1994 මාස දෙකක කාලයක් තුළ රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රීක මිනිසුන් මිලියනයක් ඔවුන්ගේම රටේ හූටු මිනිසුන් විසින් මරා දැමූහ. මෙම සමූලඝාතණය ආරම්භයේම බිෂොප් ජෙෆ්රි රූබුස්සී විසින් ස්වාමි පුරුෂයා අහිමි වු ස්ත්‍රීන් වෙත ළඟා වීමට ක්‍රම තම භාර්්‍යයාව සමග කථා කර ගත්තේය. මේරිගේ පිළිතුර වූයේ “මට ඕනෑ අඬන්නයි” කියාය. ඇයගේ ඥාතීන්ද මිය ගොස් තිබුණි. බිෂොප්ගේ පිළිතුර ණැනවත් නායකයෙකුගේ සහ සැළකිලිමත් ස්වාමි පුරුෂයෙකුගේ මුවින් නික්මෙන්නක් විය. “මේරි සියලු ස්ත්‍රීන් එකතු කර ගෙන අඬන්න” යයි ඔහු කීවේය. ඔහුගේ භාර්්‍යයාවගේ වේදනාව අනිත් අයගේ වේදනාව දරා ගැනිමට ඇයව සුදානම් කර ඇති බව ඔහු දැන සිටියේය.

සභාව, එනම් දෙවියන්වහන්සේගේ පවුල, යහපත් සහ එතරම් යහපත් නැති දේවල් පවා බෙදා ගැනීමට හැකි ස්ථානයකි. අලුත් ගිවිසුමේ වචන වන එකිනෙකා යවන්න අපි එකිනෙකා ගැන යැපීම පෙන්නුම් කරයි.
“සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න. ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සළකන්න… එකිනෙකා සමග එක්සිත් වන්න”(රෝම 12:10 සහ 16). අපගේ එකමුතුකමේ විශාලත්වය 15 පදයහි සඳහන් වේ. “ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න. අඬන්නන් සමග අඬන්න”.

සමූලඝාතණය නිසා බලපෑම් පැමිණි අය සමග සංසන්දනය කරන විට අපගේ වේදනාවේ ගැඹුර සහ පරිමාව ඉතා අඩු විය හැකිය. නමුත් එය පුද්ගලිකය. ඇත්තය. ඒ හෙයින් මේරිගේ වේදනාව මෙන් දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කළ දේවල් නිසා එය අපට දරා ගත හැකිය. එසේම අන් අයගේ පහසුව සහ යහපත සඳහා එය බෙදා ගත යුතුය.