බොහෝ අය මෙන් අපගේ අසල්වාසීන් අවට සිටින අය සමග සම්බන්ධ වීමට වෙබ් අඩවියක් භාවිතා කරති. මාගේ නිවස අවට අය කඳුකර සිංහයන් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් ගැන එකිනෙකාට අවවාද දෙති. එසේම හදිසි අවස්ථාවලදී දරුවන් බලා ගැනීමට උපකාර කරති. එසේම නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමටද එය උපකාර කර ගනිති. අන්තර් ජාලයේ බලය භාවිතා කර, අවට සිටින අය වත්මන් වේගවත් ලෝකයේ නැතිව යන ගුණාංගයක් ඉස්මතු කර ගෙන තිබේ.

සාලමොන් රජු ජීවත්වූ ඈත අතීතයෙහිද අසල්වාසීන් සමග සම්බන්ධතාවයෙන් ජීවත්වීම වැදගත් විය. පවුලේ සම්බන්ධතා වැදගත්ය. එසේම එය උපකාරය ලැබීමේ විශාල මූලාශ්‍රයකි. සාලමොන් පවසන්නේ මිතුරෙක්ගේ භූමිකාව කරදර පැමිණෙන විට ඉතා අවශ්‍ය බවයි (හිතෝපදේශ 27:10). නෑයින් තම තමන්ගේ අය ගැන ගැඹුරු සැළකිල්ලක් දක්වති. එසේම එවැනි අවස්ථාවලදී ඔවුන්ට කළ හැක්කේ අල්පයකි. අසල්වාසීන් ළඟ ඉන්නා නිසා අවශ්‍යතාව ඉක්මණින් දැන ගෙන උපකාර කිරීමට ඔවූහු සුදානම්ව සිටිති.

ගෝලීය වශයෙන් විසිර සිටින ප්‍රියයන් සමග සම්බන්ධ වී සිටීමට තාක්‍ෂණය ඉතා පහසුකර ඇති හෙයින් අසල සිටින අය ගැන නොසළකා සිටීමට අප පෙළඹිය හැකිය. යේසුනි, ඔබවහන්සේ විසින් අප අවට තබා ඇති අය සමග සම්බන්ධතා පෝෂණය කිරීමට අපට උපකාර කළ මැනව.