දහහත් වන ශතවර්ෂයේ සර් අයිසැක් නිව්ටෙන් විවිධ වර්ණ දැකීමට ආලෝකය උපකාර වන ක්‍රමය පෙන්වීමට ප්‍රිස්මයක් භාවිතා කළේය. යම් ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ගමන් කරන විට එම ද්‍රව්‍යයෙහි යම් විශේෂිත වර්ණයක් ඇති බව පෙන්වන්නේ යයි ඔහු සොයා ගත්තේය. එක් අයිස් කැටයක් අර්ධ විනිවිද බවක් පෙන්වුවද හිම සෑදී ඇත්තේ බොහෝ අයිස් කැට එකට එකතු වීම නිසාය. ආලෝකය ඒ සෑම කැටයක් තුළින්ම ගමන් කරන විට හිම සුදුව පෙනේ.

බයිබලය එක් විශේෂිත වර්ණයක් ඇති දෙයක් ගැන කථා කරයි. ඒ පාපයයි. යෙසායා තුළින් දෙවියන් වහන්සේ යුදාහි සෙනඟට කථා කර ඔවුන්ගේ පාප රතු කියාද ලාක්‍ෂා මෙන් යයි කියාද කී සේක. නමුත් ඔවුන් “හිම මෙන් සුදු වන” (යෙසායා 1:18) බවට දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. යුදා වැරදි කිරීමෙන් වැළකී දෙවියන්වහන්සේගේ සමාව සෙවිය යුතු වන්නේය.

යේසුස්වහන්සේට ස්තුතිවන්ත වන්න අපට දෙවියන්වහන්සේගේ සමාවට ස්ථිර ප්‍රවේශයක් ඇත. යේසුස් වහන්සේ තමන්වහන්සේව “ලෝකයේ ආලෝකයය” ලෙස හඳුන්වා “මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය“(යොහන් 8:12) කියා කී සේක. අපි අපගේ පාප කියා දුන් විට දෙවියන්වහන්සේ අපට සමාව දෙන සේක. උන්වහන්සේ අපව දකින්නේ කුරුසියේ ක්‍රිස්තුස්වහන්සේගේ පුජාවේ ආලෝකය තුළිනි. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේ අපව දකින්නේ යේසුස්වහන්සේ ලෙසටය. කැළලක් නැති අය ලෙසටය.

අප කළ වැරදි නිසා සිත් දොස් කීමට සහ ලැජ්ජාවට භාජනය වීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට අපව “හිම මෙන් සුදුකරන” දෙවියන්වහන්සේගේ සමාවේ සත්‍යය අල්ලා ගත හැකිය.