ශාරිරිකව, මානසිකව සහ භාවමය ලෙස හෙම්බත්වී මම හාන්සි පුටුවේ දිගෑදුණෙමි. අපගේ පවුලේ අය දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුගමණය කරමින් නිවස අතහැර කැලිෆෝනියාවේ සිට විස්කොන්සින් දක්වා පැමිණ තිබුණි. අපි පැමිණි පසු අපගේ මොටර් රිය කැඩුණු හෙයින් මාස දෙකක් වාහනයක් නැතිව සිටින්න සිදුවුනි. ඒ අතරතුර කොඳු ඇටවල ශල්‍යකර්මයකට භාජනය වූ මගේ සැමියාගේ ආබාධයද මාගේ ශරීරයේ වේදනනාවද නිසා බඩු අස්පස්කර ගැනීම සංකීර්ණ විය. එසේම අපට අලුත් නමුත් පැරණි ගෙදර වියදම් සහ අලුත් වැඩියා මතු විය. අපගේ වයසක බල්ලා අසනිප විය. අලුත් බලු පැටියා අපට සතුට ගෙනා නමුත් ඌව පාලනය කිරීම සිතුවාට වඩා කරදරයක් විය. මගේ ආකල්ප තිත්ත විය. අසීරුතා ඇති මාර්ගයක යන විට මාගේ ඇදහිල්ල නොසැලී තබා ගන්නේ කෙසේද?

මම යාච්ඤා කරද්දී වාතාවරණය අනුව ඉහළ පහළ නොගිය ගීතිකාකරුගේ ප්‍රශංසාවන් දෙවියන්වහන්සේ මට මතක් කළ සේක. විශාල අවදානමකින් පසු දාවිත් තම හැඟීම් වගුරුවා දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සරණ පැතීය (ගීතාවලිය 16:1). සැපයුම්කරුවාණන් සහ ආරක්‍ෂිතයාණන් ලෙස දෙවියන්වහන්සේව පිළිගනිමින් (5-6 පද) ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය. උන්වහන්සේගේ උපදෙස් අනුගමණය කළේය (7 පදය). තමාගේ දෑස් සෑම විටම දෙවියන්වහන්සේ වෙත තබා තිබෙන නිසා තමා නොසෙල්වෙන බව දාවිත් ස්ථිර කළේය (8 පදය). ඒ හෙයින් ඔහු ප්‍රීති වී දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ආරක්‍ෂිතව නිවාඩු ගත්තේය (9-11 පද).

අපගේ වර්තමාන තත්ත්වය මත අපගේ සමාදානය යැපෙන්නේ නැති බව දන්නා නිසා අපට සන්තෝෂ විය හැකිය. දෙවියන්වහන්සේ සිටින ලෙස සදාකාලයටද සිටින වෙනස් නොවන දෙවියන්වහන්සේ නිසා උන්වහන්සේට ස්තුතිවන්ත වන අතර උන්වහන්සේගේ අභිමුඛය අපගේ ස්ථිර ඇදහිල්ල දල්වා ලනු ඇත.