වාදයට තුඩු දුන් නීතියක් සිංගප්පූරුවට පැමිණි විට ඇදහිලිවතුන් දෙපැත්තකට බෙදුණි. සමහරු අන් අයට පටු මතධාරීන්යයි පැවසුවෝය. නැතිනම් ඔවුන් තම ඇදහිල්ල බාල්දු කරනවා යැයි කීවෝය.

මතවාද නිසා දෙවියන්වහන්සේගේ පවුලේ අය අතර තියුණු බෙදීම් ඇති වේ. ජනතාව අතර සිත් රිදීම්ද අධෛර්යයට පත්වීම්ද ඇති වේ. බයිබලයේ ඉගැන්වීම් මාගේ ජීවිතයට මා අදාළ කර ගන්නා ක්‍රමයන් නිසා බොහෝ විට මා සුළු කිරීමට භාජනය වී තිබේ. එසේම මා සමග එකඟ නොවූවන් විවේචනය කිරීම ගැන මාද ඒ හා සමානව වරදකරු වන්නෙමි.

මේ ගැටළුව තිබෙන්නේ අපගේ මත මොනවාද හෝ අප ඒවා ඉදිරිපත් කරන ක්‍රමය අනුව නොවේ. අප ඒවා ඉදිරිපත් කරන විට අපගේ සිතෙහි ඇතිවන ආකල්ප අනුවය. අපි අන් අයගේ මත වලට විරුද්ධවනවාද නැතිනම් ඒ පසුපස සිටින අයව ඉරා දැමීමට ලක්කරනවාද?

ව්‍යාජ ධර්ම ආමන්ත්‍රණය කළ යුතු හෝ අපගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු අවස්ථා තිබේ. එපිස 4:2-6 අපට මතක් කරන්නේ අප එය කළ යුත්තේ යටහත්කම, මෘදුකම, ඉවසීම සහ ප්‍රේමයෙන් බවය. එසේම ඒ සැමටම වඩා “ආත්මයේ එක්සත්කම තබා ගැනීමට” සෑම උත්සාහයක්ම දරමිනි (3 පදය).

සමහර පරස්පර විරෝධි මත නොවිසඳේ. දෙවියන්වහන්සේගේ වචනය අපට මතක් කරන්නේ අපගේ ඉලක්කය සෑම විටම සෙනගගේ ඇදහිල්ල වැඩි කිරීමට මිස ඉරා දැමීම පිණිස නොවිය යුතු බවය (29 පදය). වාදයක් දිනීමට අප අන් අයව පහතට හෙළන්නේද? නැතිනම් උන්වහන්සේගේ කාලයේදී සහ උන්වහන්සේගේ මාර්ගයේ සත්‍යය තේරුම් ගැනීමට එනම් අපි එක ස්වාමින්වහන්සේ තුළ එක ඇදහිල්ලක් බෙදාගන්නා බව සිහි තබා ගැනීමට උපකාර කිරීමට දෙවියන්වහන්සේට ඉඩ හැරීමෙන්ද?