සී.එස්.ලුවිස්ගේ “නාර්නියාගේ කථා වලිය : සිංහයා, මායාකාරිය සහ අල්මාරිය” යන පොතෙහි බලසම්පන්න අස්ලාන් නම් සිංහයා බොහෝ කලකට පසු පැමිණෙන විට මුළු නාර්නියාවම ප්‍රීතියෙහි ඉපිළ යන්නේය. නමුත් නපුරු සුදු මායාකාරිය කරන ඉල්ලීමට අස්ලාන් එකඟ වන විට ඔවුන්ගේ ප්‍රීතිය දුකට හැරෙන්නේය. අස්ලාන්ගේ පැහැදිලි පරාජය හමුවේ නාර්නියාවරු ඔහුගේ බලය දකින්නේය. සිංහයා කණ පුපුරන හඬකින් ගොරවයි. මායාකාරී පලා යයි. සියල්ල නැතිවී යැයි පෙණුනද නපුරු මායාකාරියට වඩා අස්ලාන් ශ්‍රේෂ්ඨ බව පෙනී යයි.

ලුවිස්ගේ කථාවේ අස්ලාන්ගේ අනුගාමිකයන් මෙන් සතුරු හමුදාවකින් එලිෂා වටවී සිටින බව දැක එලිෂාගේ මෙහෙකරුවා කලකිරුණි. “අහෝ ස්වාමිනී අපි මක්කරමුදැයි” (2 රාජාවලිය 6:15 පදය) කියා සේවකයා ඇසීය. එලීෂාගේ ප්‍රතිචාරය වූයේ “භය නොවන්න. මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය” (16 පදය) කියාය. එලිෂා ඉන්පසු යාච්ඥා කළේ “ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනව” (17 පදය) කියාය. “ස්වාමින්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදු සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (17 පදය). පළමුවෙන් මෙහෙකරුවා කාරණා අඳුරු ලෙස දුටුවද පසුව සතුරාගේ බල මුළුවට වඩා දෙවියන්වහන්සේගේ බලය මහත් බව ඔප්පු විය.

අපගේ අසීරුතා නිසා සියල්ල නැතිවී ගිය බවක් අපට පෙනී යා හැකිය. නමුත් අපගේ ඇස් ඇරීම දෙවියන්වහන්සේගේ ආශාවය. උන්වහන්සේ සියල්ලට වඩා විශාල බව උන්වහන්සේ අපට පෙන්වන සේක.