ජෙෆ් වරක් හෙරොයින් වලට ඇබ්බැහිවී සිටි නගරයේම අද ඔහු තරුණයන්ට සභාපාලකයෙකු ලෙස සිටින්නේය. දෙවියන්වහන්සේ විශ්මිත ලෙස ඔහුගේ ජීවිතය සහ අවස්ථා වෙනස් කළ සේක. “මා කළ වැරදි සහ මා විඳි වේදනාවෙන් තරුණ තරුණියන් බේරා ගැනීමට මට අවශ්‍යය” කියා ජෙෆ් කියයි. “යේසුස්වහන්සේ ඔවුන්ට උදව් කරයි”. දෙවියන්වහන්සේ ඔහුව ඇබ්බැහිකම නැමැති වහල් කමින් මුදවා ගෙන ඔහුගේ අතීතය මකා දමා ඔහුට අනර්ඝ සේවයක්ද දුන් සේක.

බලාපොරොත්තු නැතිවී ඇතැයි පෙනෙන අවස්ථා තුළින් යහපත ගෙන ඒමේ මාර්ග දෙවියන්වහන්සේ සතුය. මිසරයේදී යෝසෙප්ව වහල්කමට විකිණුනි. බොරු චෝදනාවලට හසුව සිරගත විය. වසර ගණනාවක් ඔහුව සියලු දෙනා අමතක කර තිබුණි. නමුත් දෙවියන්වහන්සේ ඔහුව ඵාරාවෝ යටතෙහි සෘජු අධිකාරී බලයකට පත් කළ සේක. බොහෝ ජීවිත ඔහු ගැළවීය. ඔහුව අත්හැර දැමු සහෝදරයන්ද ඊට ඇතුළත් විය. මිසරයේදී ඔහු විවාහ වී ඔහුට දරුවන් ලැබුණි. දෙවෙනියාට එප්‍රායිම් යන නම යෝසෙප් තැබීය. හෙබ්‍රෙව් වචනයක් වන එහි අර්ථය වන්නේ “දෙවරක් ඵල ලැබීමය”. එයට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ “මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේක” (උත්පත්ති 41:52) යන්නය.

ජෙෆ් සහ යෝසෙප්ගේ කථා වසර හාරදහසකින් වෙන් වේ. නමුත් ඒවා පෙන්වන්නේ නොවෙනස් වන එකම සත්‍යය වේ. අපගේ ජීවිතයේ කටුකම අවස්ථාවන් බොහෝ අයට උදව් කිරීමටද ආශිර්වාද කිරීමටද දෙවියන්වහන්සේට භාවිතා කළ හැකිය. අපගේ ගැළවුම්කරුවාණන්ගේ ප්‍රේමය සහ බලය කිසිදා හීන වන්නේ නැත. උන්වහන්සේව විශ්වාස කරන අයට සෑම විටම උන්වහන්සේ විශ්වාසවන්තය.