ඇය ඔහුට දුරකථනයෙන් ඇමතුවාය. දුරකථන පණිවුඩ යැව්වාය. දැන් කාර්ලා, ඇගේ සහෝදරයාගේ අගුල් දැමූ ගේට්ටුව ඉදිරිපිට සිටින්නීය. මානසික ආවපාතය සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිකමින් හෙම්බත්ව ඇයගේ සහෝදරයා ඔහුගේම නිවසේ සැඟවී ඉන්නේය. කාර්ලා ඔහු ආශා කරන කෑම වර්ග කිහිපයක් සමග බයිබල් පද කිහිපයක් පාර්සල් කර වැටෙන් එහාට පහත් කළාය.

නමුත් පාර්සලය ඇයගේ ග්‍රහණයෙන් ගිලිහී ගේට්ටුවේ උලක ඇණුනේය. පාර්සලය ඉරී එහි තිබූ දේවල් පස් මත වැටුණි. ඇය ප්‍රේමය පෙන්වීමට දුන් ත්‍යාගය නාස්ති වී ගිය බවක් පෙණුනි. ඇයගේ සහෝදරයා අඩු තරමින් එම ත්‍යාගය දකීවිද? ඇය බලාපොරොත්තු වූ මෙහෙය ඉටු වේවිද? ඔහුගේ සුවය සිදුවන තුරු ඇයට කළ හැක්කේ බලාපොරොත්තුවෙන් යාච්ඤා කිරීමය.

දෙවියන්වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළේද යත් උන්වහන්සේගේ එකම පුත්‍රයා අපගේ පාපය නැමැති තාප්පයෙන් පහළට බැස්ස වූ සේක. ඒ මගින් වෙහෙස වී පසු බැස සිටින අපගේ ලෝකයට ප්‍රේමයේ සහ සුවයේ ත්‍යාග ගෙන ආ සේක (යොහන් 3:16). යෙසායා අනාගතවක්තෘ යෙසායා 53:5 හි මෙම මිළය ගැන අනාවැකි කීවේය. එම පුත්‍රයාණන් අපගේ අපරාධ නිසා තුවාල ලැබ අයුතුකම් නිසා පොඩිකරනු ලබනු ඇත. අප සියල්ලන්ගේ අපරාධ උන්වහන්සේ තමන් මතට ගත් සේක (6 පදය).

අපගේ පාප සහ අවශ්‍යතා නැමැති උලෙන් හිල් කරනු ලැබ අලුත් බලයකින් සහ දැක්මකින් දෙවියන්වහන්සේගේ ත්‍යාගය වන යේසුස්වහන්සේ අද අපගේ දිවියට ඇතුල් වන සේක. උන්වහන්සේගේ ත්‍යාගය ඔබට අර්ථවන් කරන්නේ කුමක්ද?