“මම මගේ මව සමග බොහෝ කාලයක් ජීවත්වූ අතර ඇය වෙන ගෙයකට ගියාය”. ඒ කේ.සී. ගේ වචනයි. යේසුස්වහන්සේට ජීවිතය භාර කිරීමට පෙර ඔහුගේ ජීවිතය අලංකාර නොවීය. ඔහු තම අබ්බැහිකමට මුදල් සොයා ගත්තේ තම ප්‍රියයන්ගෙන් පවා මුදල් සොරකම් කිරීමෙන් බව ඔහු සෘජුවම පිළිගනී. ඒ ජීවිතය දැන් ඉතිහාසයට එක්වී තිබේ. ඔහු දැන් පවිත්‍රව සිටි කාලය වසර, මාස සහ දින ගණන් වලින් ප්‍රකාශ කරයි. අප දෙදෙනා දේව වචනය ඉගෙනීමට වාඩි වන විට මා දකින්නේ වෙනස්වූ පුද්ගලයෙකි.

මාර්ක් 5:15 හි යක්‍ෂාවේශව සිට වෙනස් වූ පුද්ගලයෙක් ගැන පවසයි. ඔහුගේ සුවයට පෙර ඔහු උපකාරයක් නැතිව, බලාපොරොත්තුවක් නැතිව, ඉන්නට තැනක් නැතිව කිසිවක් කර කියා ගත නොහැකිව සිටියේය. ඔහුට සුදුසු වූ වචන ඒවාය (3-5 පද). නමුත් යේසුස්වහන්සේ ඔහුව නිදහස් කළ පසු ඒ සෑම දෙයක්ම වෙනස් විය (13 පදය). නමුත් කේ.සී. මෙන් යේසුස්වහන්සේට පෙර ඔහුගේ ජීවිතය සාමාන්‍ය නොවීය. ඔහු පිටස්තරයෙන් පෙන්නුම් කළ අභ්‍යන්තර කලබැගෑනිය අද සෙනග අත්දකින දේවල් මෙන්ය. සමහර සිත් රිදුම් ඇති සෙනග, අත්හැර දැමු ගොඩනැගිලි වල, වාහන වල නැතිනම් අනෙක් ස්ථානවල සිටීති. නොපෙනෙන දම්වැල් ඔවුන්ගේ සිත් සහ මනස චංචල කරති. ඒහෙයින් ඔවුන් අන් අයගෙන් වෙන්ව සිටිති.

යේසුස්වහන්සේ තුළ අපගේ අතීත සහ වර්තමාන වේදනාව සහ ලැජ්ජාව භාරදිය හැකි තැනැත්තෙු සිටින්නේය. එසේම යක්‍ෂාවේශව සිටි අය සහ කේ.සී. මෙන් උන්වහන්සේ වෙතට දිව යන අය පිළිගැනීමට දයාවේ දෑත් දිගු කරගෙන උන්වහන්සේ අදද සිටින සේක.