විශාල මූල්‍ය අවපාතය කාලයෙහි ජීවත්වූ මාගේ දෙමාපියන් දරුණු අසීරුතා තුළින් ගියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔව්හු වෙහෙස වී වැඩ කළෝය. කෘතවේදී මුදල් ගබඩාකරුවන් වූහ. නමුත් ඔව්හු කෑදර නොවූහ. ඔවුන්ගේ කාලය, තලෙන්ත, මුදල් තම සභාවට, සමාජ සේවා ආයතවනවලට සහ අවශ්‍යතා ඇති අයට දුන්හ. ඔව්හු තම මුදල් ණැනවත්ව භාවිතා කර සතුටින් දුන්නෝය.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස ඔව්හු අපෝස්තලු පාවුල්ගේ අනතුරු ඇඟවීම සිතට ගත්තෝය. “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්‍ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියේත් විනාශයේත් ගිල්වන්නාවූ අඥාන වූ අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලටද වැටෙන්නෝය” (1 තිමෝති 6:9).

පාවුල් මෙම අවවාදය දුන්නේ සෑම කෙනෙක්වම පරීක්‍ෂාවට ලක් කරන ධනවත් රටක් වූ එපීසයේ තරුණ සභා පාලකයෙක් වූ තිමෝතිටය.

“මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලය වී ඇදහිල්ලෙන් මුළාව ගොස් බොහෝ වේදනාවලින් තුමුම ඇණ ගත්තෝය” (10 පදය).

එසේ නම් කෑදරකමට ප්‍රතිකර්මය කුමක්ද? යේසුස්වහන්සේ කීවේ “දෙවියන්වහන්සේ කෙරෙහි ධනවත්වීම” කියාය (ලූක් 12:13-21 බලන්න). සියල්ලට වඩා අපගේ ප්‍රේමණීය ස්වර්ගීය දෙවියන්වහන්සේ අනුගමණය කර අගය කර ප්‍රේම කිරීමෙන්ය. උන්වහන්සේ අපගේ මූලික ප්‍රසන්නකමයි. ගීතිකාකරු ලියා ඇති ලෙස “අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වන පිණිස උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව” (ගීතාවලිය 90:14).

උන්වහන්සේ තුළ දිනපතා ප්‍රීතිවීම අනුන්ගේ දේවල් ගැන ඊර්ෂ්‍යා කිරීමෙන් අපව නිදහස් කරයි. අපව තෘප්තියෙන් තබයි. යේසුස්වහන්සේ අපගේ සිතෙහි ආශාවන් තෘප්තිමත් කර දෙවියන්වහන්සේ කෙරෙහි අප පොහොසත් කෙරේවා!