“අප හඹා යන්නා දේවල් තුළ” යන බිල් ෂාපිරෝගේ සම්මූඛ පරීක්‍ෂණ පෙළ තුළදී එක් එක් කෙනා තමාගේ ප්‍රීතිය තබා ගන්නා පිණිස ඔහු හෝ ඇය වැදගත්කමක් දෙන එක් දෙයක් ප්‍රකාශ කළෝය.

මමද මට විශාලම ප්‍රීතියක් දෙන වස්තූන් ගැන කල්පනා කිරීමට පෙළඹුණෙමි. එකක් මාගේ මවගේ අත් අකුරින් ලියූ වසර හතලිහක් පමණ පැරණි ආහාර වට්ටෝරුවකි. අනික ආච්චි අම්මාගේ රෝසපාට තේ බොන කෝප්පයකි. අනික් අය වටිනා මතකයන් එනම් තමන්ව දිරිමත් කළ වචනයක්, මුණුපුරු මිණිපිරියගේ සිනහවක්, බයිබලයෙන් ඔවුන්ට ලැබුණ විශේෂ වචනයක් ආදිය අගය කරති.

අපගේ සිත්වල අපි බොහෝ විට ගබඩා කර තබා ගන්නේ අපට විශාල දුකක් ගෙන දුන් දේවල්ය. සැඟවුණු කණස්සල්ල (නමුත් ඉක්මණින් ඉස්මතුවන) කෝපය (යටින් තිබෙන) පහර දීමට බලා සිටින තිත්තකම සහ නිශ්චලව අපව දිරාපත් කරන සිතුවිලි යනාදියයි.

පිලිප්පි සභාවට ලියු පොතෙහි අපෝස්තලු පාවුල් සිතීමට වඩා ධනාත්මක ක්‍රමයක් කියා දෙයි. ඔහු සෙනගව දිරිමත් කරන්නේ සැම විට ප්‍රීතිවී මෘදුකමෙන් යුතුව සියල්ල යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ වෙත ගෙන එන ලෙසටය (පිලිප්පි 4:4-9).

සිතිය යුතු දේ ගැන පාවුල්ගේ ධෛර්යමත් වචන අපට පෙන්වන්නේ අඳුරු සිතුවිලි පහකර අපගේ සිත් සහ මනස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආරක්‍ෂා කිරීමට දෙවියන්වහන්සේගේ සමාදානයට ඉඩ දිය හැකි බවය (7 පදය). උන්වහන්සේගේ සමාදානය අපගේ හදවත් වල තබා ගත් කල අපගේ මනස පුරවන සිතිවිලි සැබෑ, ගරු කටයුතු, සාධාරණ, පිරිසිදු, කීර්තිමත්, ප්‍රශංසාත්මක ඒවා වන්නේය.