1943 ජනවාරියේ ඌෂ්ණාධික චයිනුක් සුළං දකුණු ඩැකෝටාවේ ස්පියර්ෆිෂ් ප්‍රදේශයට හැමුවේය. ඌෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ අංශක 4 සිට 45 දක්වා (සෙල්සියස් ඍණ 20 සිට 7 දක්වා) වැඩිවිය. එම භයංකාර කාලගුණ වෙනස එනම් අංශක 49 ක් නෙස් වීමට ගත වූයේ විනාඩි දෙකකි. එක්සත් ජනපදයේ පැය 24 ක් තුළ වැඩිම කාලගුණ වෙනස අංශක 103 කි. ඒ 1972 ජනවාරි 15 වන දින ලෝමා මොන්ටානා ප්‍රදේශයේ සිදු විය. ඒ ෆැරන්හයිට් ඍණ 54 සිට 49 (සෙල්සියස් ඍණ 48 සිට 9) දක්වාය.

ක්‍ෂණික වෙනනස කාලගුණයට පමණක් සිමා වූවක් නොවේ. සමහර විට එය ජීවිතයේ සාමාන්‍ය රටාවය. යාකොබ් අපට මතක් කරන්නේ “මෙන්න අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස් එහි අවුරුද්දක් නැවතී සිට වෙළදාම් කොට ලාභ උපදවා ගන්නෙමු යයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත” (4:13-14) කියාය. නොසිතන පාඩුවක්, පුදුම සහගත රෝග සොයා ගැනීමක්, මූල්‍යමය වශයෙන් ආපස්සට යෑමක් යනාදිය ක්‍ෂණික වෙනස්කම්ය.

ජීවිතය වනාහි දැන්ම කිව නොහැකි කාරණා සහිත ගමනකි. සර්ව බලධාරී දෙවියන්වහන්සේව ගණන් නොගන්නා අහංකාර සැළසුම්වලින් හැරෙන්න යයි යාකොබ් කියන්නේ ඒ හෙයිනි (16 පදය). ඔහු අපට අවවාද දෙන්නේ “දෙවියන්වහන්සේ කැමති නම් අප ජීවත්වී එය හෝ මෙය හෝ කරනු ඇත” කියා පවසන මෙනි (15 පදය). අපගේ ජීවිත සන්ධිස්ථාන අවිනිශ්චිතය. නමුත් එකක් ස්ඵීරය. ජීවිතයේ සෑම අනපේක්‍ෂිත මොහොතක් තුළම අපගේ දෙවියන්වහන්සේ අපව අත්හරින්නේ නැත. අපගේ ජීවිතය පුරාවටම ඇති එකම අඛණ්ඩතාවය උන්වහන්සේය.