අර්නස්ට් ෂැකල්ටන් (1874-1922) 1914 දී ඇන්ටාටිකාව හරහා ගමන් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුණි. සුදුසු ලෙස නම් කර තිබු ඔහුගේ “දරා ගැනීම” යනුවෙන් හැඳින්වූ නැව වෙඩල් මුහුදේ දැඩි අයිස් තුළ සිරවුණි. ජීවිතය බේරාගැනීම පවා විශාල දරා ගැනීමක් විය. සෙසු ලෝකය සමග සම්බන්ධ වීමට කිසි මාර්ගයක් නැති ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් අසල තිබු එලිෆන්ට් දුපතට ගියහ. කණ්ඩායමේ බොහෝ අය දුපතේ නතරවී සිටියදී ෂැකල්ටන් සහ පස් දෙනෙක් සැතපුම් 800 ක් දුර තිබු දකුණු ජොර්ජියාවට ගියේ දුපතේ නතර වූ අයට උදව් සොයා ගෙනය. එයට සති දෙකක් ගතවුණි. අසාර්ථක වූ ගමන ඉතිහාසයේ ජයග්‍රාහී සටහනක් වූයේ ෂැකල්ටන්ගේ මිනිසුන් සියලු දෙනා ගැළවුනු නිසාය. ඔවුන්ගේ ධෛර්යයට සහ දරා ගැනීමට ස්තුති වේවා.

දරා ගැනීම යනු කුමක්දැයි අපෝස්තලු පාවුල් දැන සිටියේය. යේසුස්වහන්සේ තුළ විශ්වාසය ගැන නඩුවකට මුහුණ දීම සඳහා රෝමයට යන විට කුණාටුවක් පැමිණියේය. නැව ගිලෙන බවට දේවදුතයෙක් ඔහුව දැනුවත් කළේය. නමුත් අපෝස්තලුවරයා නැවෙහි සිටි අයව දිරිමත්ව තැබුවේය. නැව නැති වුවත් දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට ස්තූතිවන්ත වන්න සියලු දෙනාම ගැළවුනහ (ක්‍රියා 27:23-24).

ඛේදවාචකයන් පැමිණී විට දෙවියන්වහන්සේ ක්‍ෂණිකව සියල්ල හොඳ අතට හරවයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු. නමුත් දරා ගෙන ඉදිරියට යාමට දෙවියන්වහන්සේ ඇදහිල්ල දෙන සේක. පාවුල් රෝම වරුන්ට ලීවේ “පීඩා විඳීමෙන් ඉවසිල්ල” ඇති වන බවය (රෝම 5:3). මෙය දැන ගෙන අසීරු කාලවලදී දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න අපට එකිනෙකාව දිරිමත් කළ හැකිය.