මගේ සුරතල් පූසා වන හෙල්ත්ක්ලිෆ්, ෆෝමෝ යන රෝගයෙන් (යම් දෙයක් මග හැරේය යන භිය) පීඩා විඳීයි. සමහර විට මම අවිශ්වාස කළෙමි. මම සිල්ලර බඩු රැගෙන පැමිණි විට හෙල්ත්ක්ලිෆ් දිව ගෙන අවුත් එහි ඇත්තේ කුමක්දයි ඉව කරයි. මම එළවළු කපද්දී ඌ පස්සා කකුල් දෙකෙන් සිට ගෙන මම කරන දේ බලමින් ඌත් සමග එය බෙදා ගන්නා ලෙසට කන්නලව් කරයි. මම ඇත්තෙන්ම උගේ සිත් ගත් දේ දුන් විට ඉක්මණින්ම ඔහුගේ ආශාවන් නැතිව ගොස් සෑහීමකට පත් නොවුනු කලකිරීමකින් ඉවත්ව යන්නේය.

නමුත් මගේ මිතුරා කෙරෙහි කෝප වීම කුහක කමකි. ඌ සුළු වශයෙන් හෝ පෙන්නුම් කරන්නේ තව තවත් අතෘප්තිකර මගේ ආශාවන්ය. “දැන්” යන්න කිසි දිනෙක නොසෑහේ යනු මාගේ උපකල්පනයයි.

පාවුල්ට අනුව තෘප්තිමත් වීම සාමාන්‍ය දෙයක් නොවේ, එය ඉගෙන ගත යුතු වන්නේය (පිලිප්පි 4:11). අපව තෘප්තිමත් කරාවි කියා හැඟෙන දේ පසුපස අප හඹා ගියත් එයින් අපි තෘප්තිමත් වන්නේ නැතැයි හැඟුණ කෙණෙහිම අපි අනිත් දෙයට යොමු වන්නෙමු. අනෙක් අතට, අපගේ අතෘප්තිකරයන් අවදානම් යයි සැළකෙන දේවලින් අපව ආරක්‍ෂා කර ගැනීමේ ස්වරූපයක් දරයි.

සමහර විට නියම ප්‍රීතිය වැළැක්වීමට අපි වඩාත් බියවන දේ අත්දකින්නෙමු. ජීවිතයට පැමිණිය හැකි ඉතාමත් දරුණු දේ අත් විඳි පාවුල්ට පළමු කොටම සත්‍යය තෘප්තිමත් භාවයේ රහස ගැන සාක්‍ෂි දැරීමට හැකි වුනි (11-12 පද). සම්පූර්ණත්වය සඳහා අපගේ ආශාවන් දෙවියන්වහන්සේ වෙත ඔසවන කල්හි ක්‍රිස්තුස්වහන්සේගේ බලයේ අලංකාරයේ සහ අනුග්‍රහයේ ගැඹුරටම අපව ගෙන යන අදහාගත නොහැකි සමාදානයක් (6-7පද) අත්දැකීමේ නියම අභිරහස අපි දැන ගන්නෙමු.