2018 දී දරා ගැනීම පෙන්වන ක්‍රීඩක කොලින් ඕ බ්‍රැඩී මින් පෙර කිසි දිනෙක උත්සාහ නොකළ ගමනක යෙදිණ. ඔහු බර දැමු කුඩා කරත්තයක්ද ඇදගෙන ගියේය. ඕ බ්‍රැඩී ඇන්ටාක්ටිකාව හරහා දින 54 කින් සැ:932 ක් ගියේය. එය කැපවීමේ සහ දිරියේ අනර්ඝ ගමනක් විය.

අයිස්, සීතල සහ දුර ගමන ගෙවූ කාලය ගැන ඕ බ්‍රැඩී කීවේ “සම්පූර්ණ කාලය තුළ මම කර්තව්‍යය තුළ ගිලී සිටියෙමි. අවසාන ඉලක්කය ගැනද මම අදහසක් ඇතුව සිටියෙමි. මේ ගමනෙන් ඉගෙන ගත් ගැඹුරු පාඩම් ගැන මාගේ මනසේ තැන්පත් කර ගතිමි” යනුවෙනි.

අපගේ ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබා ඇති අපට ඒ ප්‍රකාශය සුපුරුදු විය හැකිය. එය ඇදහිලිවතුන් ලෙස අපට තිබෙන කැඳවීමට සමානය. දෙවියන්වහන්සේට ගෞරවය දෙමින් එනම් අන් අයට උන්වහන්සේව එළිදරව් කරමින් ජීවිත ගමන යාමකි. ක්‍රියා 20:24 හි භයානක ගමන් ගැන අත්දැකීම් ඇති පාවුල් පවසන්නේ
“ස්වාමිවූ යේසුන්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජිවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසළකමි” යනුවෙනි. එනම් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය පිළිබඳ යහපත් ආරංචිය පැවසීමය.

අපි යේසුස්වහන්සේ සමග අපගේ ගමන යන විට අපගේ ගමනේ ඉලක්කය හඳුනාගෙන අපගේ ගැළවුම්කරුවාණන් මුහුණට මුහුණ ලා දකින තුරු අප ඉදිරියට යමු.