මම තරුණියක්ව සිටි කාලයෙහි උසස් පාසැලේ මිතුරුවී සිටි පෙම්වතා සමග විවාහ වීමට මම සිහින මැවීමි. ඒ අපගේ සම්බන්ධය කැඩෙන තුරුය. මාගේ අනාගතය හිස් යයි මට දැණුනි. මා මොනවා කරන්නද කියා අරගල කළෙමි. අන් අයට සේවය කරමින් උන්වහන්සේට සේවය කරන්න දෙවියන්වහන්සේ මට මග පෙන්වන බව මට හැඟුණි. එම නිසා මම සෙමනේරියක ලියාපදිංචි වූයෙමි. එවිට මම මාගේ මිතුරන්ගෙන් සහ පවුලෙන් ඉවත්විය යුතුය යන යථාර්ථය දැඩිව මට දැණුනි. දෙවියන්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම පිණිස මම ඒවා අත්හැරිය යුතු වීමි.

යේසුස්වහන්සේ ගලීල මුහුද අසළින් යන විට උන්වහන්සේ පේත්‍රෑස් සහ ඔහුගේ සහෝදරයා වන අන්ද්‍රෑව දුටු සේක. ඔව්හු ජීවත්වීම සඳහා මුහුදට දැල් දමමින් උන්නෝය. උන්වහන්සේ : “මා පස්සේ එන්න. මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කී සේක” (මතෙව් 4:19). එවිට යේසුස්වහන්සේ තවත් ධීවරයෝ දෙදෙනෙක් වන යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ව දැක ඔවුන්ටද එවැනි කැඳවීමක් දුන් සේක (21 පදය).

මේ ගෝලයෝ උන්වහන්සේ වෙතට එන විට ඔවුහුද යම් දෙයක් අත්හැර පැමිණියහ. පේත්‍රෑස් සහ අන්ද්‍රෑ “ඔවුන්ගේ දැල් අත්හැර” ආවෝය (20 පදය). යාකොබ් සහ යොහන් “ඔරුවද තමුන්ගේ පියාද අත්හැර” උන්වහන්සේ අනුව ගියෝය (22 පදය). ලූක් ලියන්නේ “ඔව්හු තම ඔරු ගොඩට ඇද සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියෝය” (ලුක් 5:11) කියාය.

යේසුස්වහන්සේ වෙතට කැඳවීම පැමිණෙන්නේ තවත් දෙයක් අත්හැරීමේ කැඳවීමක්ද සමගය. දැල්, බෝට්ටු, පියා, මිතුරන්, නිවස යනාදියයි. දෙවියන්වහන්සේ අප සෑම කෙනෙක්වම උන්වහන්සේ සමග සම්බන්ධතාවයකට කැඳවන සේක. ඉන්පසු අප එකිනෙකාව සේවයට කැඳවයි.