“ශුද්ධ පද 14” නැමැති ජෝන් ඩොන්ගේ තේජවන්ත කවිය කියවීමෙන් පසු මහාචාර්ය හොලී ඕර්ඩ්වේ ඇයගේ ප්‍රතිචාරය ගැන පවසන්නේ “මම විදුලිය ඇති කම්බියක් ඇල්ලුවා මෙන් මට දැණුනා” කියාය. “මේ කාව්‍යයේ යම් දෙයක් සිදුවේ” යැයි ඇය සිතුවාය. “එය කුමක්ද කියා මම කල්පනා කළා”. එම මොහොත ඇය අදේව දෘෂ්ඨීක අදහස් සිට දෙවිකෙනෙකු ඇතැයි යන මතයට ඉඩදුන් අවස්ථාව ලෙස ඇය මතක් කරයි. කෙමෙන් කෙමෙන් ඇය උත්ථානවූ ක්‍රිස්තුස්වහන්සේගේ වෙනස් කිරීමේ බලය ගැන විශ්වාස කිරීම ආරම්භ කළාය.

විදුලිය ඇති කම්බියක් ඇල්ලීම ‐ කඳු මුදුනකට යේසුස්වහන්සේ පේත්‍රෑස්, යාකොබ් සහ යොහන්ව ගෙන ගිය අවස්ථාවේ ඔවුන්ට ඇතිවූ හැඟීමද එබඳු වන්න ඇති. එහිදී විශාල පරිවර්ථනයක් ඔව්හු දුටුවෝය. ක්‍රිස්තුස්වහන්සේගේ වස්ත්‍ර “ඉතා සුදුවී දීප්තිමත් විය” (මාර්ක් 9:3). එලියා සහ මෝසෙස් එහි පැමිණියහ. අපි එය අන්වෙසක් වීම ලෙස අද හඳුන්වමු.

කන්දෙන් බහින අතර යේසුස්වහන්සේ තම ගෝලයන්ට කීවේ උන්වහන්සේ උත්ථාන වන තුරු ඔවුන් දුටුදේ කිසිවෙකුටවත් නොකියන ලෙසය (9 පදය). නමුත් මරණින් උත්ථානවීම යන්නේ අර්ථයවත් ඔව්හු නොදැන සිටියෝය (10 පදය).

ගෝලයන් යේසුස්වහන්සේ ගැන දැන සිටි දේවල් අසම්පූර්ණවීම දුක්ඛදායකය. ඊට හේතුව උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම ඇතුළත් අවසානයක් ඔවුන්ට සිතාගැනීමට බැරි වීමය. නමුත් කාලය ගත වන විට උත්ථානවූ සමිඳුන් සමග ඔවුන්ගේ අත්දැකීම් ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළේය. ජීවිතයේ පසු කාලයකදී පේත්‍රෑස් ක්‍රිස්තුස්වහන්සේගේ අන්වෙසක් වීම විස්තර කළේ පළමු වතාවට ගෝලයන් “උන්වහන්සේගේ මහිමය ඇසින් දුටිමුව” කියාය (2 පේත්‍රෑස් 1:16).

මහාචාර්ය ඕර්ඩ්වේ සහ ගෝලයන් ඉගෙන ගත් ලෙස යේසුස්වහන්සේගේ බලය දැන ගන්නා විට අපි විදුලිය ඇති කම්බියකට අත ගසමු. මෙහි යමක් සිදුවන්නේය. ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ අපව කැඳවන සේක.