ජේන්ගේ සැළසුම වූයේ කථා චිකිත්සකයෙක් වීමය. එය අවසන් වූයේ එම රැකියාව ඇයගේ හැඟීම්වලට අභියෝගාත්මක වැඩිය කියා පුහුණුවේදී එළිදරව් වූ කෙණෙහිය. ඊළඟට ඇයට සඟරාවකට ලිවීමට අවස්ථාව ලැබුණි. ඇය තමා කර්තෘවරියක් යයි කිසි දිනෙක සිතුවේ නැත. නමුත් පසු කාලයකදී ඇයට වැටහුණේ ඇයගේ ලිවීම තුළින් ඇය අවශ්‍යතා ඇති පවුල්වලට උදව් කරන බවය. “පසුපස හැරී බලන විට මාගේ සැළසුම් වෙනස් වූයේ ඇයිදැයි මට පෙනේ” ඇය කීවාය. “උන්වහන්සේට මා ගැන විශාල සැලසුමක් තිබුණා”.

වියවුල් වූ බොහෝ සැළසුම් ගැන බයිබලය කියයි. පාවුල්ගේ දෙවන මිෂනාරී ගමනේදී බිතිනියට ශුභාරංචිය ගෙන ඒමට ඔහු උත්සාහ කළේය. නමුත් යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඔහු නැවැත්වූ සේක (ක්‍රියා 16:6-7). මෙය තේරුම් ගැනීමට අපහසු වන්න ඇති. දෙවියන්වහන්සේගේ දූතනයට සමාන්තර සැලසුමක් යේසුස්වහන්සේ වියවුල් කරන්නේ ඇයි? එක් රාත්‍රීයකදී පිළිතුර සිහිනයකින් පැමිණියේය. මකිදෝනියට ඔහුව වඩා අවශ්‍ය විය. එහිදී පාවුල් යුරෝපයේ පළමු සභාව පිහිටු විය. “මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය. එහෙත් ස්ථීර වන්නේ ස්වාමින්වහන්සේගේ මන්ත්‍රණයය” (හිතෝපදේශ 19:21).

සැලසුම් සෑදීම ප්‍රඥාගෝචරය. පැරණි සුප්‍රසිද්ධ කියමනක් පවසන්නේ “සුලසුම් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබ අසමත් වීමට සැළසුම් කරන්නේය” කියාය. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සැලසුම් මගින් අපගේ සැළසුම් වියවුල් කරන සේක. අපට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකිය යන්න දැන ගෙන ඇහුම්කන් දී කීකරු වීම අපගේ අභියෝගය වන්නේය. අපි උන්වහන්සේගේ කැමැත්තට යටත් වන කල අපගේ ජීවිතවල උන්වහන්සේ තබා ඇති අරමුණට අපි හැඩ ගැසෙමු.

අපි නොකඩවා සැළසුම් සාදන විට අපට එයට අලුත් දෙයක් එක් කළ හැකිය. ඇහුම්කන් දෙන්න සැළසුම් කරන්න. දෙවියන්වහන්සේගේ සැළසුම්වලට ඇහුම්කන් දෙන්න.