1997 හවායිහි තුන් ඉසව් යකඩ ගැහැණිය තරඟයේදී ස්ත්‍රීන් දෙදෙනෙක් අවසාන ඉලක්කය වෙත අමාරුවෙන් යෑමට වීර්යය දැරුවෝය. වෙහෙසට පත්ව ක්‍රීඩිකාවෝ වෙවුලන පාද වලින් අවසන් ඉලක්කය වෙත ඉදිරියට ගියෝය. සියෑන් වෙල්ච්, වෙන්ඩි ඉන්ග්‍රහම්ගේ ඇඟේ වැදුණාය. දෙදෙනාම ඇදගෙන වැටුණි. නැගිටින්න දඟලමින් ඔවුන් ඉදිරියට ඇදී ගියත් අවසානයට මීටර් විස්සක් තියෙද්දී නැවත ඇද ගෙන වැටුණි. ඉන්ග්‍රහම් බඩගා ගෙන යන්න පටන් ගත් කල ජනාතව අත්පොලසන් දෙන්න පටන් ගත්හ. ඇගේ තරඟකාරිය ඇයව අනුගමණය කරද්දී ඔවුහු තවත් වේගයෙන් ඔල්වරසන් දුන්හ. ඉන්ග්‍රම් හතරවන ස්ථානය ලබා ගෙන දිණුම් කණුව පසු කරමින් ඇයට සහයෝගය දුන් අයගේ දෑත්වලට වැටුණාය. ඉන්පසු ඇය නැවත හැරී වැටී සිටි තම සහෝදරියට අත දුන්නාය. වෙල්ච්ද තම ශරීරය ඉදිරියට තල්ලුකර තම වෙහෙසවූ හස්තය ඉන්ග්‍රම්ගේ හස්තයට දිගු කළාය. ඇය පස්වන ස්ථානයට තරඟය අවසන් කරද්දී ජනතාව ඔල්වරසන් දෙමින් ඔවුන්ගේ අනුමැතිය ප්‍රකාශ කළහ.

මේ දෙදෙනාගේ සැ:140 පිහිනීම, බයිසිකල් පැදීම සහ දිවීම බොහෝ අයගේ ජ්වලිතයට හේතු විය. ඒ වෙහෙසවූ තරඟකාරියන්ගේ උත්සාහය මාගේ මනසේද රැඳී පවතින්නේ දේශනාකාරයා 4:9-11 හි දැක්වෙන ජීවිත බලගැන්වෙන සත්‍යය ස්ථීර කරමින්ය.

අපගේ ජීවිතයට උපකාරය අවශ්‍ය බව පිළිගැනීම ලැජ්ජා විය යුතු දෙයක් නොවේ (9 පදය). විශේෂයෙන් අපගේ සර්වඥාණය ඇති දෙවියන්වහන්සේගෙන් අපගේ අවශ්‍යතා සැඟවීමට හෝ ඒවා නැතැයි කීමට හෝ නොහැකි නිසාය. කවදා හෝ ශාරීරික හෝ භාවමය හෝ වශයෙන් අප වැටෙති. අප ඉදිරියට යන විට අප තනි නොවන බව දන්නා නිසා අපට සහනය ලබා ගත හැකිය. අපගේ ප්‍රේමණීය පියාණන්වහන්සේ අපට උපකාර කරද්දී අවශ්‍යතාවයන්ගෙන් සිටින අය වෙතට අප යන කල්හි පවා ඔවුන් තනිවී නොමැති බව ස්ථීර කිරීමට උන්වහන්සේ අපව බලගන්වන සේක.