හරකුන් මෙල්ල කරන තරඟයකට ඔබ සහභාගී වුවහොත් ඔබ ඔවුන්ව දකිනු ඇත. අතක ඇඟිලි හතරක් ඇති ක්‍රීඩකයන්ගේ මහපටැඟිල්ල තිබුණු තැන ඇත්තේ ඇඟිලි කොටයක් පමණී. එය එම ක්‍රීඩාවේ සාමාන්‍ය තුවාලයකි. එක් පැත්තකින් ලණුවකට හිරවූ මහපටැඟිල්ල අනෙක් පැත්තෙන් විශාල ගොනෙකු අදින්නේය. සාමාන්‍යයෙන් පරාජය වන්නේ මහපටැඟිල්ලය. ඉන් ක්‍රීඩාව නතර වන්නේ නැත. නමුත් මහපටැඟිල්ල නැතිකම බොහෝ දේවල් වෙනස් කරන්නේය. මහපටැඟිල්ල නැතිව ඔබගේ දත් මැදීමට, බොත්තමක් දා ගැනීමට, කොණ්ඩය පීරීමට, සපත්තු ලේස් බැඳ ගැනීමට හෝ ආහාර ගැනීමට උත්සාහ කරන්න. අප වැඩිය ගණන් නොගන්නා ශරීර සාමාජිකයා වැදගත් භූමිකාවක් නිරූපණය කරයි.

සභාවේදී එවැනි තත්ත්වයක් පාවුල් පෙන්නුම් කරයි. වැඩිය නොපෙනෙන, වැඩිය කථා නොකරන සාමාජිකයන් “අපට ඔබව අවශ්‍ය නැත” යන අන් අයගේ ප්‍රතිචාරයට හසුවේ (1 කොරින්ති 12:21). සාමාන්‍යයෙන් එය හඬගා නොකියවුනත් සමහරක් වෙලාවට එය ශබ්දයෙන් කියනු ලැබේ.

අප එකිනෙකාට සමාන සැළකිල්ලක් සහ ගරුත්වයක් දීම දෙවියන්වහන්සේගේ ආරාධනාවයි (24 පදය). අප එකිනෙකා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ කොටසකි (27 පදය). අපට ලැබී ඇති දීමනා කුමක් වූවත් අපට එකිනෙකා අවශ්‍ය වේ. අපගෙන් සමහරු ඇස්ය. සමහරු කන්ය. සමහර විට මහපටැඟිලිය. නමුත් අපි එකිනෙකා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වැදගත් භූමිකාවක් නිරූපණය කරන්නෙමු. ඒ සමහර විට ඇසට පෙනෙනවාට වඩා වැඩියෙන්ය.