ජොස් පාලනය කළ සභාව එහි වැඩ සටහන් සහ චිත්‍රපටි නිෂ්පාදනයට ප්‍රසිද්ධ විය. ඒවා ඉතා හොඳින් සිදු විය. ඔහු කණස්සලු වූයේ සභාවේ කාර්ය බහුල කම ව්‍යාපාරයකට පෙරළී ඇත්දෝ කියාය. සභාව වර්ධනය වූයේ නිවැරදි හේතු නිසාද නැතිනම් එහි ක්‍රියාකාරිත්වයන් නිසාද? ජොස්ට එය සොයා බැලීමට අවශ්‍ය විය. ඒ හෙයින් ඔහු අමතර වැඩ සටහන් වසරකට නතර කළේය. ඔහුගේ සමූහනය අවධානය දිය යුත්තේ ජනතාව දෙවියන්වහන්සේට නමස්කාර කරන ජීවමාන මාලිගාවක් වීමටය.

දේව මාළිගා පරිශ්‍රයට ඇතුල්වූ යේසුස්වහන්සේ කළ දේ දකින තුරු ජොස්ගේ තීරණය ආන්තික වූවා යැයි පෙනේ. සරළ යාච්ඤාවන්ට වෙන්කර තිබු ශුද්ධවූ අවකාශය නමස්කාර ව්‍යාපර වලට හරවා ගෙන තිබුණි. දෙවියන්වහන්සේට අවශ්‍ය ලෙස “මෙතැනින් නුඹලා පරෙවියන් ඉවත් කර ගනිල්ලා” කියා යේසුස්වහන්සේ වෙළඳුන්ගේ මේස පෙරළා දමා ඔවුන්ගේ භාණ්ඩ මිළදී ගත් අය නැවැත්වූ සේක. ඔවුන් කරන දෙය ගැන කෝප වූ සේක. යෙසායා 56 සහ යෙරෙමියා 7 උන්වහන්සේ උපුටා ගත් සේක. “මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක් යැයි කියනු ලබන්නේය. නුඹලා එය සොරුන්ගේ ගුහාවක් කළෝය” (මාර්ක් 11:17). අන්‍ය ජාතීන්ගේ කොටස එනම් පිට අයට යාච්ඤා කිරීමට තිබූ කොටස එදිනෙදා මුදල් උපයන පොලක් බවට පත්කර ගෙන තිබුණි.

ව්‍යාපාර හෝ කාර්ය බහුලවීම හෝ යන්නෙහි කිසිදු ගැටළුවක් නැත. නමුත් සභාව තිබෙන්නේ ඒ සඳහා නොවේ. අපි දෙවියන්වහන්සේගේ ජීවමාන මාළිගාව වන්නෙමු. අපගේ මූලික කර්තව්‍යය වන්නේ යේසුස් වහන්සේට නමස්කාර කිරීමයි. යේසුස්වහන්සේ කළාක් මෙන් මේස පෙරළීමට අපට අවශ්‍ය නොවේ. නමුත් ඒ හා සමාන දෙයක් කිරීම උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වනවා විය හැකිය.