අපගේ මුණුපුරා අත වනා “බායි” කියා ආපසු හැරී ප්‍රශ්නයක් ඇසීය. “ආච්චී අම්මා ඔයා දොරකඩ සිට ගෙන අපි යන තුරු බලා සිටින්නේ ඇයි?” මම සිනහවක් පෑවෙමි. ඔහුගේ ප්‍රශ්නය “පැහිච්ච” එකක් යයි සිතුවෙමි. ඒ ඔහු ඒතරම්ම කුඩා නිසාය. නමුත් ඔහුගේ උනන්දුව නිසා මම හොඳ උත්තරයක් දීමට තැත් කළෙමි. “ඒ හොඳ පුරුද්දක්” මම කීවෙමි. “ඔයා මගේ අමුත්තෙක් නම් ඔබ යනතුරු බලා ඉඳීම මාගේ සැළකිල්ල පෙන්වනවා”. ඔහු මගේ පිළිතුර ගැන සිතුවත් තවමත් වියවුල් බවක් පෙන්වීය. ඒහෙයින් මම ඔහුට සරළ සත්‍යය ප්‍රකාශ කළෙමි. “මම බලං ඉන්නේ! මම ඔයාට ආදරේ නිසා. ඔයාලා මොටර් රථයට නැගී යනවා දකින කොට මම දන්නවා ඔයාලා පරෙස්සමෙන් ගෙදර බලා යනවා කියලා” මම කීවෙමි. ඔහු සිනහ සී මාව වැළඳ ගත්තේය. අවසානයේ ඔහුට තේරුම් ගියේය.

ඔහුගේ ළදරු තේරුම් ගැනීම මට මතක් කළේ අප සියලු දෙනා දැනගත යුතු දෙයක්ය. එනම් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සැම විටම උන්වහන්සේගේ අගනා දරුවන් දෙස බලා සිටින බවය. ගීතාවලිය 121 කියනා ලෙස “ස්වාමින්වහන්සේ නුඹ ආරක්‍ෂා කරන තැනන්වහන්සේය. ස්වාමින්වහන්සේගේ දකුණත නුඹට සෙවණය” (5 පදය).

ඉශ්‍රායෙල් වන්දනාකරුවන් භයංකාර පාරවල් වල යෙරුසලමේ නමස්කාරය පිණිස කඳුවල යන විට එය මොනතරම් සහනයක්ද! “දවාලේ ඉරවත් රාත්‍රීයේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින්වහන්සේ සියලු නපුරෙන් නුඹව ආරක්‍ෂා කරන සේක. නුඹේ ප්‍රාණය ආරක්‍ෂා කරන සේක” (6-7 පද). එලෙස අපද අපගේ ජීවිත ගමනේ මුදුනට යන විට අපට සමහර ආත්මික තර්ජන සහ හානිවලට මුහුණ දීමට සිදුවේ. නමුත් උන්වහන්සේ “දැන් පටන් සදාකාලයට අපගේ යාම ඊම ආරක්‍ෂා කරන සේක”. ඇයී? උන්වහන්සේ ප්‍රේම කරන නිසා. කවදාද? “දැන් සහ සදාකාලයටම” (8 පදය).