කවදා හෝ ඔබ මකරෙකු අල්ලා ගෙන තිබේද? මාගේ පුත්‍රයා මාගේ දුරකථනයට ක්‍රීඩාවක් ඇතුළත් කිරීමට උදව් කරන තුරු මම කිසි දාක මකරෙක් අල්ලා ගෙන නොතිබුණි. ලෝකය ප්‍රදර්ශනය කරන ඩිජිටල් සිතියමක් නිපදවා ඇති එම ක්‍රීඩාව ඔබ අසළ සිටින වර්ණවත් සතුන් අල්ලා ගැනීමට ඔබට ඉඩ සළසයි.

බොහෝ ජංගම දුරකථන ක්‍රීඩා මෙන් නොව මීට සංචලනය අවශ්‍ය වේ. ඔබ කොහේ ගියත් එය ක්‍රීඩා පිට්ටනියේ කොටසක්ය. ප්‍රතිඵලය? මම බොහෝ ඇවිදිමි. මාත් මගේ පුත්‍රයාත් එම ක්‍රීඩාව කරන ඕනෑම වෙලාවක අප අවට මතුවන ප්‍රාණීන් අල්ල ගැනීමට මම සෑම අවස්ථාවක්ම ගන්නෙමි.

භාවිතාකරන්නන් ආකර්ශණය කරන ඕනෑම ක්‍රීඩාවක් නිසා අවධානය යොමු වීම හෝ ඊට වියරු වැටීම පහසුය. නමුත් මා ක්‍රීඩා කර ගෙන යන විට මට හැඟුණු ප්‍රශ්නයක් වූයේ “මා අවට ඇති ආත්මික අවස්ථා උපරිමයට ගෙන ඒමට මා මෙතරම් උනන්දු වෙනවාද” කියායි.

අප අවට ක්‍රියාත්මක වන දෙවියන්වහන්සේගේ සේවයට අවධානය දීමේ අවශ්‍යතාවය පාවුල් දැන සිටියේය. කොලොස්සි 4 හි ශුභාරංචිය බෙදා ගැනීමට අවස්ථාවක් සඳහා යාච්ඤා කරන ලෙසට ඔහු ඉල්ලා සිටියේය (3 පදය). ඉන්පසු ඔහු අභියෝග කළේ “නුඹලා ප්‍රස්ථාව අල්ලා ගනිමින් පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න” (5 පදය) යනුවෙනි. ක්‍රිස්තුස්වහන්සේ වෙත අන් අයව ගෙන ඒමේ කුමණ අවස්ථාවක්වත් කොලොස්සිවරු මග හැරීමට ඉඩ දෙනවාට පාවුල් කැමති නොවීය. එසේ කිරීමට නම් ඔවුන් සහ ඔවුන්ගේ අවශ්‍යතා දෙස බැලීම අවශ්‍ය වේ. ඉන්පසු අනුග්‍රහයෙන් පූර්ණ (6 පදය) මාර්ගවල අප ක්‍රියාත්මක විය යුතුවේ.

අපගේ ලෝකයේ ක්‍රීඩාවක, පරිකල්පන මකරුන්ට වඩා අපගේ කාලය සහ අවධානය ඇද ගන්නා බොහෝ දේවල් තිබේ. නමුත් දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ සත්‍ය ලෝකයේ අත්දැකීම් දැකීමටය. සෑම දිනම උන්වහන්සේව පෙන්වන අවස්ථා සෙවීමටය.