එය කෙසේදැයි ඔබ දන්නවා ඇත. වෛද්‍ය ශල්‍ය සේවයකින් පසු විද්‍යාගාරයෙන්, වෛද්‍යවරුන්ගෙන්, ෆාමසියෙන්, ගලා එන බිල් තොගය ගැන ඔබ දන්නවා ඇත. ජේසන් හදිසි ශල්‍ය කර්මයකින් පසු එය අත්වින්දේය. ඔහු පැවසුවේ “අපගේ වෛද්‍ය ආරක්‍ෂණය අවසන් වූ පසුත් අපි ඩොලර් දහස් ගණනක් ණයයි. අපට මෙම බිල් ටික ගෙවා ගන්න හැකිවූවා නම් ජීවිතය යහපත්ව මට සැහිමකට පත් විය හැකිය. මට හැඟෙන්නේ මම වැලි මීයන්ට පහර දෙන ක්‍රීඩාව කරනවා වගේයි. එම ක්‍රීඩාව කරන විට කුහර වලින් මතුවන ප්ලාස්ටික් මීයන්ට එහේ මෙහේ දුවමින් මිටියකින් පහර දිය යුතුවේ.

සමහර විට ජීවිතයද එලෙස දිව එන්නේය. අපෝස්තලු පාවුල්ට අනිවාර්යයෙන් එසේ කිව හැකිව තිබුණි. “අවශ්‍යතාවයේ සිටීම කුමක්දැයි මම දනිමි”, නමුත් ඔහු “සැම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටීමේ” (පිලිප්පි 4:12) රහස ඉගෙනගත් බව කීවේය. “මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුලුවන” (13 පදය). මම එක්තරා අතෘප්තිකර තත්ත්වයකින් ගමන් කරද්දී “එය මෙතැන නැත. එය කොහේද?” යන වැකිය සඳහන් සුභ පැතුම් පතක් කියවුයෙමි. මට මෙතැන තෘප්තියක් නැත්නම් මා වෙන තැනකදී තෘප්තියෙන් සිටිනු ඇතැයි සිතන්නේ කොහොමද යන්න මට මෙම වචන මතක් කර දුන්නේය.

යේසුස්වහන්සේ තුළ නිවාඩු ගැනීමට අප ඉගෙන ගන්නේ කෙසේද? සමහර විට එය අවධානයේ ප්‍රශ්නයක් විය හැකිය. ප්‍රීතිමත් වීම සහ යහපත් දෙය ගැන ස්තුතිවන්ත වීමෙනි. විශ්වාසවන්ත පියෙක් ගැන තවත් ඉගෙන ගැනීමෙනි. විශ්වාසයෙන් සහ ඉවසිල්ලෙන් වැඩීමෙනි. ජීවිතය යනු මා ගැන නොව දෙවියන්වහන්සේ ගැන යයි තේරුම් ගැනීමෙනි. උන්වහන්සේ තුළ තෘප්තිමත්වීමට උගන්වන්න කියා උන්වහන්සේගෙන් ඉල්ලීමෙනි.