“ඔබට මොකද වුනේ?”. ලාගොස් හී රෝහල් ඇඳක් මත නැවෙමින් සීල් නම්වූ නයිජීරියානු ව්‍යාපාරිකයා ඇඳේ සිටි අයගෙන් ඇසීය. “මට කව්ද වෙඩි තිබ්බා” තරුණයා පිළිතුරු දුන්නේය. ඔහුගේ කලව වෙලා තිබුණී. මෙම තුවාල වූ තරුණයාට දැන් නිවසට යාමට හැකියාව තිබුණත් බිල ගෙවන තුරු ඔහුට නිවසට යාමට බැරිය. එම ප්‍රදේශයේ තිබූ බොහෝ රජයේ ආරෝග්‍යශාලාවල තිබූ නීතිය මෙයයි. සමාජ සේවා සේවකයෙක් සමග කථා කර සීල් තම ක්‍රිස්තියානි ඇදහිල්ල ප්‍රකාශ කිරීමට තමා ආරම්භ කර තිබූ සමාජ සේවා අරමුදලෙන් නිර්ණාමිකව ඔහුගේ බිල ගෙව්වේය. මෙසේ නිදහස නැමැති ත්‍යාගය ලබන අය කවදා හෝ අන් අයව නිදහස් කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

බයිබලය පුරා දෙවියන්වහන්සේ දී ඇති බහුලත්වයෙන් දීම නැමැති තේමාව ස්පන්දනය වේ. උදාහරණයක් ලෙසට පොරොන්දු දේශයේ ජීවත්වන ආකාරය ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රකාශ කරන විට මෝසෙස් ඔවුන්ට කීවේ ප්‍රථමයෙන් දෙවියන්වහන්සේට දෙන ලෙසටය (ද්වීථීය කථාව 26:1-3). අවශ්‍යතාවයෙන් ඉන්නා අයට එනම් විදේශිකයන්ට, අනාථයන්ට සහ වැන්දඹුවන්ට (12 පදය) සළකන ලෙසටය. මක්නිසාදයත් ඔවුන් “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක” (15 පදය) ජීවත්වූ නිසා අවශ්‍යතා ඇති අයට ඔවුන් තම ප්‍රේමය ප්‍රකාශ කළ යුතු විය.

අපටද අපගේ ද්‍රව්‍යාත්මක කුඩා හෝ විශාල දේවල් බෙදා දී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළ හැකිය. සීල් කළ ලෙස පුද්ගලිකව දීමට අපට හැකියාව නැති විය හැකිය. නමුත් දෙන්නේ කෙසේද, උදව් අවශ්‍ය අය කව්ද කියා පෙන්වන්න යැයි දෙවියන්වහන්සේට කීමට අපට පුළුවන.