අපගේ විශ්ව විද්‍යාලයේ ගායනා කණ්ඩායමේ නායකයා පියානෝව වාදනය කරමින්ම කණ්ඩායම මෙහෙය වීය. ඔහු වගකීම් සියල්ල අනර්ඝ ලෙස සමතුලිත කළේය. එක් සන්දර්ශණයක් අවසානයේ ඔහු සෑහෙන වෙහෙසට පත්ව සිටින බව පෙණුන හෙයින් “ඔබ හොඳින්ද” කියා මම ඇසුවෙමි. “අද මට කවදාවත් නොකළ දෙයක් කරන්න සිදුවුනා” කියා ඔහු එය පැහැදිළි කළේය. “පියානෝවේ තාලයන් හොඳටම අවුල් වෙලා තිබුණේ. මම මුළු සංදර්ශණයම කළේ යතුරු දෙකකින්. මාගේ වමත එකක තබාගෙන අනික දකුණතින් වාදනය කළා”. ඔහු පෙන්වූ විශ්මිත නිපුණතාවය මාගේ මනස මවිත කළේය. එවැනි දේවලට සුදුසු ලෙස අපව නිර්මාණය කරන තැනන්වහන්සේ ගැනද මම විශ්මිත වූයෙමි.

දාවිත් රජු ඊටත් වඩා පුදුමයක් ඉස්මතු කළේය. “මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනා කොට දනියි” (ගීතාවලිය 139:14). මිනිසාගේ හැකියාවන් සහ ස්වභාව ධර්මයේ විශ්මයන් තුළ, මැවීමේ මනස්කාන්තයන් අපට පෙන්වන්නේ මැවුම්කරුවාණන්ගේ තේජස් මහිමය වේ.

කවදා හෝ අප දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නා විට සෑම පරම්පරාවකම සෙනග උන්වහන්සේට “අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය” (එළිදරව් 4:11) යනුවෙන් කියනු ඇත. දෙවියන්වහන්සේ අපට දී ඇති විශ්මිත නිපුණතාවයන් සහ උන්වහන්සේ මවා ඇති ශ්‍රේෂ්ඨ අලකාරය උන්වහන්සේ නැමදීමට සෑහෙන හේතූන් වේ.