දශක ගණනාවක් තුළ මාගේ මිතුරන් වන රොබර්ට් සහ කොලීන් යහපත් විවාහයක් භුක්ති විඳ ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන ක්‍රියාකරන ආකාරය බලා සිටීමට මම ආශා කරමි. රාත්‍රී ආහාර ගනිද්දී ඉල්ලන්නත් පෙර එක් අයෙක් අනිකාට මාළු කරිය දෙන්නේය. හරි වෙලාවේදී අනෙකා වතුර වීදුරුව පුරවයි. ඔවුන් කථා කියද්දී එකිනෙකා අවසන් වාක්‍යය කියයි. සමහර විට සිතෙන්නේ එකිනෙකාගේ මනස කියවීමට ඔවුන්ට හැකිදෝ කියායි.

අප දන්නා සහ ප්‍රේම කරන වෙන කිසිම අයෙකුට වඩා දෙවියන්වහන්සේ අපට සළකන බව දැනීම විශාල සහනයකි. එන්නාවූ රාජ්‍යයේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සම්බන්ධතාවය විස්තර කරන විට යෙසායා මෘදු සමීප සම්බන්ධතාවයක් ගැන පවසයි. දෙවියන්වහන්සේ තම සෙනග ගැන පවසන්නේ “ඔවුන් යාච්ඤා කරන්ට පළමුවෙන් මම උත්තර දෙන්නෙමි. ඔවුන් කථා කරද්දීම අසන්නෙමි” (යෙසායා 65:24) යනුවෙනි.

එය සත්‍ය වන්නේ කෙසේද? ප්‍රතිචාරයක් නොමැතිව මම වසර ගණනාවක් සමහර දේවල් ගැන යාච්ඤා කර තිබේ. මා විශ්වාස කරන්නේ අප දෙවියන්වහන්සේ සමග සමීපතාවයෙන් ගොඩ නැගී අපේ හදවත් උන්වහන්සේගේ හදවත සමග සමාන්තර කරගන්නා විට උන්වහන්සේගේ වෙලාව සහ සැළකිල්ල ගැන අපට ඉගෙන ගෙන විශ්වාස කළ හැකි බවයි. දෙවියන්වහන්සේ ආශා කරන දෙයට ආශා කිරීමට අපි පටන් ගන්නෙමු. අපි යාච්ඤා කරන කල අනෙකුත් දේ සමග අප ඉල්ලන්නේ යෙසායා 65 හි සඳහන් කර ඇති දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ දේවල්ය. ශෝකයේ අවසානය (19 පදය), ආරක්‍ෂිත නිවාස, පිරුණාවු ආමාශ, සහ සැමට අර්ථවත් රැකියා (21:23 පද), ස්වාභාවික ලෝකයේ සමාදානය (25 පදය). පරිපූර්ණත්වයෙන් දෙවියන්වහන්සේගේ ලෝකය පැමිණි විට උන්වහන්සේ එම යාච්ඤාවලට සම්පූර්ණයෙන් පිළිතුරු දෙන සේක.