1985 දී ඇන්තනි රේ හින්ටන් ආපණශාලා කළමනාකරුවන් දෙදෙනෙකු මැරිම ගැන චෝදනා ලැබීය. එය සැළසුම් කළ චෝදනාවකි. අපරාධය සිදුවන විට ඔහු සිටියේ සැතපුම් ගණනාවකට එහායිනි. නමුත් ඔහු අපරාධයට වරදකරු වී මරණ දන්ඩණයට නියම විය. නඩු විභාගයේදී රේ තමාට විරුද්ධව බොරු කිවු අයට සමාව දුන්නේය. මෙම අසාධාරණය තුළදී පවා ඔහුට ප්‍රීතියක් ඇති බව තවදුරටත් ඔහු කියා සිටියේය. “මගේ මරණින් පසු මම ස්වර්ගයට යමි. ඔබ යන්නේ කොහාටද?” ඔහු ඇසීය.

මරණ දන්ඩණය තෙක් දමා තිබු ස්ථානය රේට අසීරු ස්ථානයක් විය. අන් අයට විදුලි පුටුව භාවිතා කරද්දී හිර ගෙදර විදුලි බුබුළු නිවි නිවී පත්තුවන්න සළස්වා තිබුණේ ඉදිරියෙහි ඇති දෙය ගැන සිහිපත් කිරීමක් ලෙසිනි. රේ බොරු කියනවාද නැද්ද බලන යන්ත්‍රයකින් පරීක්‍ෂා කෙරුණි. එහෙත් ප්‍රතිඵල නොසළකා හැරුණි. එය නඩුව ඇසූ කාලයේදී ඔහු මුහුණ දුන් අසාධාරණයන්ගෙන් තවත් එකකි.

අවසානයේ 2015 මහා සිකුරාදා රේගේ මරණ දන්ඩණය සුප්‍රීම් උසාවියෙන් නිෂ්ප්‍රභා කෙරුණි. ඔහු වසර තිහක් මරණය පෙනි පෙනී ජීවත් විය. දෙවියන්වහන්සේ ජීවමාන බවට ඔහුගේ ජීවිතය සාක්‍ෂියකි. යේසුස්වහන්සේ තුළ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහුගේ නඩුවට එහා ගිය බලාපොරොත්තුවක් රේට තිබුණි (1 පේත්‍රෑස් 1:3-5). අසාධාරණය මධ්‍යයේ ඔහු අධිස්වාභාවික ප්‍රීතියක් ලැබුවේය (8 පදය). “මට ඇති මෙම ප්‍රීතිය හිර ගෙදරදී ඔවුන්ට කිසි දිනෙක ගත නොහැක” කියා රේ ඔහු නිදහස්වීමෙන් පසු කීවේය. එවැනි ප්‍රීතියක් පෙන්වූයේ ඔහුගේ ඇදහිල්ල සත්‍යය බවය. (7-8 පද).

මරණ මංචකය පෙනි පෙනී ඇති ප්‍රිීතිය බොරුවට පෙන්විය නොහැක. එය දෙවියන්වහන්සේ නොපෙනෙන නමුත් උන්වහන්සේ සිටිනවා යයි අපට පෙන්වනවා පමණක් නොව අපගේ කරදරවලදී උන්වහන්සේ අපව දරා ගන්නා බවද පෙන්වන සේක.