“සුන්ඩෝකු”. මට සෑම විටම අවශ්‍ය වී තිබූ වචනය එයයි. එය ජපන් වචනයකි. එහි අර්ථය ඇඳ අද්දර කියවීමට තබා තිබෙන පොත්ය. ඉගෙනීමට හැකියාව තිබෙන නැතිනම් වෙනත් කාලයකට හෝ ස්ථානයකට හෝ අපව ගෙන යන පොත්ය. එම පිටුවල ඇති සන්තෝෂයන් සහ අවබෝධයන් දැන ගැනීමට මම ආශා වීමි. එම නිසා ඒවා පොත් ගොඩේ තිබේ.

පොතක් තුළින් ප්‍රීතිය සහ උපකාරය ලබන අදහස පුස්ථකයන්ගේ පුස්ථකය වන බයිබලයෙන් වඩාත් සත්‍යය වේ. යෝෂුවාට දෙවියන්වහන්සේ දෙන උපදෙස් වල දේව වචනය තුළ ගිල්වෙන්න යන දිරිමත් කිරීම මම දකින්නෙමි. ඉශ්‍රායෙලයේ අභිනව නායකයා ඔහුය. ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දුවූ දේශයට ඔවුන්ව ගෙන යාමට ඔහු අණ ලැබීය (යෝෂුවා 1:8).

ඉදිරියෙහි තිබූ අසීරුතා දැන දෙවියන්වහන්සේ යෝෂුවාට සහතික වූයේ “මම නුඹ සමග සිටිමි” (4 පදය) කියාය. උන්වහන්සේගේ උපකාර පැමිණෙන්නේ යෝෂුවා දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීම තුළින්ය. එම නිසා දෙවියන්වහන්සේ ඔහුට අණ කළේ “මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්නා පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න” (8 පදය) යනුවෙනි. යෝෂුවා වෙත ව්‍යවස්ථා පොත තිබුණද අවබෝධය ලබා ගැනීම පිණිස ඔහු එය සෑම විටම කියවිය යුතු විය. ඒ දෙවියන්වහන්සේ කව්ද කියාත් සෙනග ගැන උන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියාත් දැන ගන්නා පිණිසය.

ඔබට අවවාද, සත්‍යය හෝ දිනයට දිරිය අවශ්‍යද? බයිබලය කියවා කීකරු වී දේව වචනය තුළින් පෝෂණය ලබන පිණිස වෙලාව වෙන් කර ගන්න. එහි පිටුවල ඇති සියල්ල භුක්ති විඳීමට අපට පුළුවන.