වසර දොළහක්ම චර්පි නැමැති මුහුදු ලිහිණියා උගේ කකුළක් සුවකළ මනුෂ්‍යයෙක් බැලීමට දිනපතා පැමිණියේය. ජෝන් බල්ලන්ට දෙන වර්ගයේ විස්කෝතු දී චර්පි තමා ළගට ගෙන උගේ පාදයට බෙහෙත් දැමීය. චර්පී එංගලන්තයේ ඩෙවොන්හි ඉන්ස්ටෝ වෙරළෙහි සැප්තැම්බර් සහ මාර්තු අතර ජීවත් වුවද ඌ ජෝන් සමර්ව පහසුවෙන් සොයා පැමිණේ. දිනපතා ජෝන් වෙරළට පැමිණෙන විට චර්පී ඔහු වෙත පියාඹා එයි. චර්පි වෙන මනුෂ්‍යයෙක් ළඟට යන්නේ නැත. එය ඇත්තෙන්ම දුලබ සම්බන්ධතාවයකි.

ජෝන් සහ චර්පිගේ බැඳීම මට මතක් කරන්නේ මිනිසෙකු සහ පක්‍ෂියෙකු අතර තිබූ තවත් අසාමාන්‍ය සම්බන්ධතාවයකි. එලියා දෙවියන්වහන්සේගේ අනාගත වක්තෘ කෙනෙක් විය. පාළුකරයේ කෙරිත් ඔය අසබඩ සැඟවීමට ඔහුව යැවුණි. ඔයෙන් වතුර බොන්නත් උන්වහන්සේ එවන කපුටන් දෙන ආහාර කන්නත් දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සේක (1 රාජාවලිය 17:3-4). අසීරු තත්ත්වය සහ වටාපිටාව තුළ එළියාගේ ආහාර සහ ජල අවශ්‍යතා සැපයිණි. කපුටුවෝ සාමාන්‍යයෙන් කෑම ගෙනත් දෙන්නේ නැත. උන් කෑදරකමින් ඒවා කා දමති. නමුත් උන් එලියාට සම්පූර්ණ ආහාර ගෙනාවෝය.

මනුෂ්‍යයෙකු පක්‍ෂියෙකුට උපකාර කිරීම අපට එතරම් පුදුමයක් නොවේ. “උදයේ රොටී සහ මස්ද සමග සවස රොටී සහ මස්ද” ගෙන ඒම විස්තර කළ හැක්කේ දෙවියන්වහන්සේගේ බලය සහ රැකවරණය තුළින් පමණී (6 පදය). එලියාගේ මෙන් අපටද උන්වහන්සේගේ සැපයීම ගැන විශ්වාස කළ හැකිය.